වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




බැංකු ගිනුමක්

බැංකු ගිනුමක්

නිවේදිකා දුලක්ෂි පෙරේරා

ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් අලුත්ම බැංකු ගිණුම් හඳුන්වා දුන්නා. ඒ වගේ ප්‍රවර්ධන කටයුතුත් සමඟ කාලය ගත වෙනවා නොදැනෙන තරම්. ඊට අමතරව ස්වාධීන රූපවාහිනියේ නිවේදන කටයුතුත් කරනවා.

ඒ සෑම දෙයකටම අමතරව ලැබෙන නිවේදන කටයුතුවලටත් මා සහභාගී වීමට අමතක කරන්නේ නැහැ. මේ අතර ඔක්තෝබර් 5 වැනිදාට මගේ දියණිය පස්වැනි වියට පා තබනවා.

එයා පාසල් යන්නත් ළඟ නිසා ඈ ගැනත් ඇගේ අධ්‍යාපනය ගැනත් සොයා බලන්න මා අමතක කරන්නේ නැහැ. මේ සෑම දෙයක්ම කරගන්න පවුලේ හැමෝගෙන්ම ලැබෙන සහයෝගයත් සිහිපත් කළ යුතුයි.