|
දයා ආනන්ද රණසිංහ එංගලන්තයේ සිට ලියූ රූප කාව්‍ය අද එළි දකී
වික්මැති චරිත පණ දී කුමරුව සිහිනේ
එදින පටන් වසර දහසයක් පුරාවට ලංකා විත්ති නිකුත් වූයේ මුල් පිටුවේ ඡායාරූපයකට අනුරූප වූ සිංහල කවියක් ද එහි ඉංග්‍රීසි පරිවර්තනය ද සමඟිනි. මේ දක්වා කාලය තුළ ලංකා විත්ති පුවත්පතේ පළ වූ එම කවි ඇතුළත් ඡායාරූප සහ කවි එකතුවකින් නිර්මාණය වූ ‘රූප කාව්‍ය’ කෘතිය එළි දැක්ම අද (04) කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී එළි දැකීමට නියමිතය. දහසය වසරක් පුරාවට ලංකා විත්ති සංස්කරණය කරමින් අනගි සේවයක් ඉටු කර අද රූප කාව්‍ය තිළිණ කරන දයා ආනන්ද රණසිංහ සමඟ කළ කතාබහයි මේ. ලංකා විත්ති ආරම්භය සමඟින් අපි මේ කතාබහ ආරම්භ කරමු? 1979 වසරේදියි මම එංගලන්තයට ගියේ. එහිදී දුම්රිය දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරයෙක් ලෙස සේවයේ යෙදී සිටින අතරේ ජනමාධ්‍ය පාඨමාලාවකුත් හැදෑරුවා. කුඩා කාලයේ පටන්ම මම පුවත්පත්වලට ලිව්වා. ඊට පසුව ටයිම්ස්, දවස පුවත්පත්වල වගේම සරසවිය පත්තරයේ සිනමා ලේඛකයෙක් ලෙසත් කටයුතු කළා. එංගලන්තයට ගිය පසු එහි දිවයින පත්තරේ ලන්ඩන් වාර්තාකරු ලෙසින් කටයුතු කළා වගේම ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර මංගල ටෙස්ට් තරගය දිවයිනට වාර්තා කළෙත් මමයි.
මේ විදියට කාලය ගෙවී යන විට ශ්‍රී ලංකාව තුළ යුධමය වාතාවරණය දරුණු විදියට ඇති වෙලා
තිබුණේ. මේ කාලය තුළ එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරකම් ගැන වගේම ඔවුන්ගේ විවිධ
අදහස් ඉංග්‍රීසි හා දෙමළ බසින් විදෙස් පුවත්පත්, සඟරාවල පළ වුණා. අපිට සිංහලයන්
විදියට එහෙම අදහස් පළ කරන්න තැනක් තිබුණේ නැහැ. මේ අවස්ථාවේදී මගේ හිත මිතුරන් මට
යෝජනා කළා මා සතු පුවත්පත් කලාවේ දැනුම සමඟින් යමක් කරන ලෙස. ඒ අනුවයි ලංකා විත්ති
ආරම්භය සිදු වුණේ ලංකා විත්ති විදේශයකදී රැව් දුන් පළමු සිංහල හඬ. එය ජනතාව අතරට ගෙන ගියේ කොහොද? ලංකා විත්ති අපි ලබා දුන්නේ නොමිලයේ. එංගලන්තය ඇතුළු බොහෝ විදෙස් රටවල පුවත්පත් රැසක් එලෙස නොමිලයේ බෙදා හරින ඒවා. එය අපි එංගලන්තයේ පමණක් නොව ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, අමෙරිකාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, සයිප්‍රසය වගේ රටවල් රැසකට බෙදා හැරියා. පිටපත් කිහිපයක් ලංකාවටත් එවන්න කටයුතු යෙදුවා. ලංකා විත්ති මුද්‍රණයට, ප්‍රවාහනයට, බෙදා හරින්න මගේ වැටුපෙන් උපයන මුදල් වැය කළා. මගේ සිංහල මිතුරන් රැසක් මේ සඳහා මට උපකාර කළා. නමුත් අද ඔබ මේ කාර්යයට අවසන් තිත තබා අවසන්? මෙය ආරම්භ කරන්නට යම් අරමුණක් තිබුණා. ලංකාව තුළ ත්‍රස්තවාදය පැවැති සමයේ අපේ රණවිරුවන් දිරිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණක් වුණා. ඒ වගේම අපේ සිංහල පත්තරයක් රට වෙනුවෙන් ලොවට බෙදන්න අපට ඕනෑ වුණා. මම එය එක භාෂාවකටම සීමා කළේ නැහැ. සිංහල වගේම ඉංග්‍රීසි භාෂාවෙනුත් ලිපි පල කළා. එය බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක් වුණා. ලංකා විත්ති තුළින් අපිට ලොව පුරා විසිරී සිටි ලාංකිකයන් අමතන්න හැකි වීම සතුටක්. ඇත්තටම එය ආරම්භ කළේ යුද්ධය නිසා. එය නවන්න පුංචි හෝ සහයෝගයක් ලබා දෙන්න ඕනෑ වුණා. අපි එය සාර්ථකව ඉටු කළා. නිවැරැදි තොරතුරු අපි ලබා දුන්නා. 2009 වසරේදී ඒ ජයග්‍රහණය අපි ලැබුවා. අපේ බලාපොරොත්තුව, අරමුණ ඉෂ්ඨ වුණා. ඒ නිසා ලංකා විත්ති මුද්‍රණය නැවැත්වීමට තීරණය කළා. එය සිදු කළෙත් ලන්ඩනයේදී උත්සවයක් පවත්වලා. එය අවසානයේ අද ‘රූප කාව්‍ය’ එළි දකින්න නියමිතයි? ඇත්තෙන්ම එය විශේෂ වූ කෘතියක්. එහි අඩංගු වන්නේ වසර දහසයක් පුරා ලංකා විත්ති මුල් පිටුවට මම රචනා කළ කවි සහ ඡායාරූප. මෙවැනි කෘතියක් බිහි කිරීමේ අදහස මට දුන්නේ ප්‍රවීණ ලේඛක කේ. එන්. පෙරේරා මහතා. එතුමා දවසක් ලන්ඩනයේදී හමු වූ අවස්ථාවකදී මට පැවැසුවේ ‘මුල් පිටුවේ කවි හොඳයි. මේවා එකතු කරලා පොතක් ගහන්න’ කියලා. එය මගේ හිතේ තදින්ම සටහන් වුණා. ඒ වගේම මෙහි පළ කළ ඡායාරූපයන් සුවිශේෂයි. එක් එක් මාසයට විශේෂ වන ලෙසින් එය තෝරා ගත්තා. මාසිකව පුවත්පත සඳහා මට විවිධ ඡායාරූප ලැබුණා. පාඨක ප්‍රතිචාර සමඟින් එය සාර්ථක බව මට වැටහුණා. ඒ නිසාම ලංකා විත්ති නිමාවට පත් වෙන විට දී එහි වූ රූප සහ කාව්‍ය ‘රූප කාව්‍ය’ ලෙසින් මෙලෙස දොරට වඩිනවා. එය අගනා සිහිවටනයක් වේවි.
|