වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




තණ්හා රතී රඟා එකවර එක සතියේ දෙවරක් හොඳම චිත්‍රපටයට නිර්දේශ වෙයි

තණ්හා රතී රඟා එකවර එක සතියේ දෙවරක් හොඳම චිත්‍රපටයට නිර්දේශ වෙයි

නිලේන්ද්‍ර දේශප්‍රියගේ තන්හා රති රඟා සිනමාපටය එකම සතියක් තුළ ජාත්‍යන්තර සිනමා උළෙලයන් දෙකක හොඳම චිත්‍රපටය ලෙස නිර්දේශ වූහ. ඒ කැලිෆෝනියාවේ ලෝන්ග් බීච් සහ එංගලන්තයේ අයි විල් ටෙල් යන සිනමා උළෙලයන්හිය.

එමෙන්ම එම සිනමාපටය ලබන සෙනසුරාදා දවල් එකට කොළඹ ජාත්‍යන්තර උළෙල නියෝජනය කරමින් රීගල් සිනමා ශාලාවේදී තිරගත වනු ඇත. තණ්හා රති රඟා මෙම නෙවැම්බරයේ සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී සමස්ථ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ප්‍රදර්ශනය වනු ඇත.