ඉන්දිරාට තහංචි
ඉන්දිරාට තහංචි
ඉන්දිරා ගාන්ධි අගමැතිනියගේ ඝාතනය පිළිබඳ නිර්මාණය වුණු සිනමාපටය වාරණයට ලක්වීම
දැන් ආන්දෝලනාත්මක කරුණක් බවට පත් වී අවසානය. ‘කෞම් දේ හීරේ’ (ප්රජාවගේ දියමන්තිය)
නම් එම සිනමාපටය තිරගතවීමට නියමිතව තිබුණේ අගෝස්තු 22 වැනි දිනටයි. එහෙත්
ප්රදර්ශනයට සහතික නිකුත් කරන රාජ්ය මණ්ඩලයේ කඹ ඇදිල්ල නිසා තවමත් සිනමාපටය
තිරගතවීමේ පෝලිමේය.
සිනමාපටය සමාජ ගැටලුවක් වේ යැයි සහතික මණ්ඩලය පවසද්දී එය නිකරුණේ දමන තහංචියක් බව
පවසන්නේ නිෂ්පාදක පර්දීප් බන්සාල් සහ අධ්යක්ෂ රවීන්දර් රවිය. ඓතිහාසික සිදුවීමක්
ඇසුරින් නිර්මාණය වූ සිනමාපටයට එරෙහි වීමට කිසිදු හේතුවක් නැතැයි ඔවුහු පවසති.
1984 වසරේදී සීක් ජාතික අන්තවාදියකු ගාන්ධි අගමැතිනිය ඝාතනය කරන ලදී. ඉන් පසු ඇති
වූ සීක් විරෝධී මහජන රැල්ල හේතුවෙන් දෙදහසකට අධික සීක් ජනකායක් මිය ගියහ. සිනමාපටය
නිර්මාණය වී ඇත්තේ මනෝජ් මේතාගේ කෘතිය ඇසුරු කරගෙනයි. මනෝජ් පවසන්නේ මෙය රජයේ
නුවණක්කාරී පියවරක් බවයි.
මේ පන්ජාබ් සිනමාපටය නිපදවීම සඳහා වැය වී ඇති මුදල කෝටි 3.5 කි. මෙහි ප්රධාන චරිත
රඟන්නේ රාජ් කක්රා, සුක්දීප් සුක්, ඊෂා ෂර්මා, සර්ධාර් සෝහි යන නළු නිළියන්ය.
සත්වන්ත් සිං, බීන්ත් සිං සහ සාතක කෙහර්ගේ චරිත පාදක කර ගනිමින් සිනමාපටය නිර්මාණය
කර තිබේ.
|