වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




තාත්තාගේ ආයාචනය

තාත්තාගේ ආයාචනය

අයිශ්වර්යා රායි, ආරධ්‍යා ලොවට හොරා තබා ගැනීමට නොගත් උත්සාහයක් නැත. රසිකයන් ඇය දුටුවේ පා පොඩි ඔසවමින් ඇවිදින්නට ගත් පසුය. ෂාරුක් ඛාන් ද ඒබ්‍රහම් සඟවා ඇති දැඩි කිරීමට කැමැතිය.

‘ඒබ්‍රහම් ගැන පමණට වඩා කතා කරනවාට මං සතුටු වන්නේ නැහැ. ඔහු මගේ දරු පැටියායි. අන් කවරකුගේවත් නොවෙයි. අවශ්‍ය නම් මගේ අවසරය ඇතිව ඔහු බැලීමට පුළුවන්’ මෑතකදී ඔහු පැවසුවේය. ඒබ්‍රහම් කුලියට ගත් ගැබක වැඩුණු දරුවෙකි. ඔහු නිතර රෝගී වූ නිසා නිවෙසට වඩා වැඩි කාලයක් ගත කළේ රෝහලේය. මේ ගැන මාධ්‍ය දුන් අනවශ්‍ය ප්‍රසිද්ධිය ෂාරුක්ගේ කනගාටුවට හේතු වී තිබේ.

ආර්යන්, සුහානා නම් වැඩිමල් දරුවන් දෙදෙනා සමඟ මාධ්‍යයට පෙනී සිටියත් ෂාරුක්, ඒබ්‍රහම් සමඟ සිටින ඡායාරූප මාධ්‍යයට නිකුත් නොකරයි.

බාල පුතු ඉතා මිත්‍රශීලී සුරතල් දරුවකු බව පවසන ෂාරුක් ඔහු දැනටමත් ජනප්‍රිය චරිතයක් වී අවසාන බව පවසන්නේය.