|
ප්‍රවෘත්ති කියනකල් ලොක්කා මේසය ළඟ දණ ගහගෙන
ප්‍රවෘත්ති නිවේදිකා චේතනා ලියනගේ
වාසනාව කියන දේ කොයි ආකාරයකින් උදා වේ දැයි කාටවත් කියන්න අපහසුයි. එවැනි අනපේක්ෂිත මොහොතක තම වාසනාව දෝත පුරාම හිමි වූ පුංචි කෙළි පැංචියන් හිටියේ නුගේගොඩ අනුලා විද්‍යලෙයේ. කෙල්ල උපතින්ම කටකාරයි. ඒ වගේම හැඩකාරයි. මේ දෙකටම වඩා ඇය ඉගෙනුමටත් දක්ෂයි. මේ කෙලි පොඩිත්තිට එකවරම අවස්ථා තුනක් හිමි වෙනවා. එයින් එක් අවස්ථාවක් තමයි ඇය උසස් පෙළ සමත්ව සරසවි වරම් ලැබීම. ඒ සමඟම ඇයට බැංකුවක රැකියාවකුත් හිමි වෙනවා. මේ දෙකටම වඩා ඇය ආසාම කරන නිවේදන ක්ෂේත්‍රයේ MTV ආයතනයෙන් ස්ථිර නිවේදක තනතුර සඳහා ආරාධනයකුත් ලැබෙන්නෙත් මේ අතරතුරදිමයි. මේ අවස්ථා තුනෙන්ම තෝරා ගැනීම කුමක්ද? ඇයට ඒ ගැන ගැඹුරින් සිතන්න සිදුවෙනවා... ඇගේ නිවේදක සිහිනය දෙපා ළඟටම ඇවිත්... බැංකුවේ රස්සාවක් කියන්නේ හොඳ වැටුපක්. මේ දෙකටම වඩා උගතමනා ශිල්පයමයි කියන සරසවි වරමත් වටිනවා. ඇය ජීවිතයේ බුද්ධිමත්ම තීරණයක් ගන්නවා. ඇය තීරණය කරනවා තම උපාධියේ කටයුතු සමඟම නිවේදික ක්ෂේත්‍රයට එක් වීමට. මේ සඳහා ඇයට MTV ආයතනයෙන් අවස්ථාව හිමි වෙනවා. මෙසේ තෝරා ගත් ඉරණම් සමඟ ඇය ඇවිත් දැන් වසර 18 ක්. ඇය ඒ ගමන් මඟ දෙස ආපසු හැරී බලනවා. චේතනා මනෝරම්‍යා ලියනගේ... අද ඇය නිවේදිකාවක්ම පමණක් නොවෙයි. කැපිටල් මහරාජ, සමාගමේ පුහුණු හා සංවර්ධන කළමනාකාරිනියක්. ඉතිං චේතනා මොකද හිතෙන්නේ ඔබ ආපු දිගු ගමන ගැන... ඇත්තටම එදා මම ගත්තු තීරණය නිවැරැදියි කියලා මට අද හිතෙනවා. ඒත් කවුරුවත් හිතාන්න නැතුව ඇති ප්‍රවෘත්ති කියවීමත් සමඟ උපාධියත් කර ගන්න තරම් මට හැකියාවක් තිබෙයි කියලා. ඒ සියලු දේ මට හිමිවුණේ මට උපතින්ම ලැබුණු හැකියාව හා පවුල් පසුබිමයි. මෙවැනි සාර්ථක ගමනක් එන්නට මට මගේ ආයතනයෙන් ලැබුණු සහයෝගත් බෙහෙවින්ම බලපෑවා. ඔබ සඳහන් කළා ඔබේ මේ දිගු ගමනට පවුල් පසුබිම බලපෑවා කියලා. ඒ කතාව මොකක්ද? මම උපතින්ම මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ පවුලකයි උපත ලැබුවේ. ගුණදාස ලියනගේ කියන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියාගේ දියණිය වීමේ වාසනාව මට හිමිවුණා. හැබැයි මම නිවේදිකාවක් වුණේ කවදාවත්ම තාත්තා නිසා නම් නෙවෙයි. මම මුලින්ම පාසල් ගියේ කොළඹ සංඝමිත්තා විද්‍යාලයට. ඊට පසුව ගෝතමී විද්‍යාලයය ආවා. වැඩි කාලයක් හිටියේ අනුලා විද්‍යාලයේ. මුලින්ම මම අනුලා විද්‍යාලයේ වානිජ දිනවල, උත්සවවල නිවේදන කටයුතු කළා. පසුව ආනන්ද, නාලන්ද, රාජකීය විද්‍යාලවලත් වානිජ දිනවල ප්‍රවෘත්ති කටයුතු සඳහා මට ආරාධනා ලැබුණා. නිවේදන කටයුතුවලට තිබුණු ආසාවට මම මුලින්ම උසස් පෙළ කරලා ඊව්ඹ්ආයතනයට නිවේදන කටයුතු සඳහා ඉල්ලුම් කළා. ශාන් වික්‍රමසිංහ මහතා තමයි මුලින්ම මාව තෝරා ගත්තේ. පළමු දවසේ ඉජපඥඥද ඊඥයබ එකක් තිබුණා. ඔයාට නිවේදන හැකියාවක් තියෙනවනේ. ඒ නිසා පහුවදා වැඩට එන්න කිව්වා. පසුදාම මාව සජීවි ප්‍රවෘත්ති නිවේදනයට දැම්මා. අපේ අයියා ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ ඒ කාලේ නිවේදන කටයුතු කරනවා. ඒ නිසා ප්‍රවෘත්ති කීම ඒ තරම් මට අභියෝගයක් වුණේ නැහැ. මෙහෙම ඉන්න අතරේ තමයි මට MTV එකේ ආරාධනයක් ලැබුණේ. ඊට පස්සේ සම්පුර්ණයෙන්ම එම ආයතනයේ වැඩ කරන්න සිද්ධ වුණා. ඒ කාලේ මට සතියේ දවස් පහේම ප්‍රවෘත්ති කියන්න තිබුණා. ඊට අමතරව ප්‍රවෘත්ති සාකච්ඡා, කැබනට් සාකච්ඡා ආවරණය කරන්නත් යන්න තිබුණා. මම ප්‍රවෘත්ති මැදිරියේම අවුරුදු 10 ක කාලයක් වැඩ කළා. දවස් පහම එක දිගට ප්‍රධාන ප්‍රවෘත්ති කියන්න සිදු වුණේ මට නැත්නම් යසරත්ට. එය මම හිතන්නේ වාර්තාවක්. ඔය වගේ දිගු කාලයක් ප්‍රවෘත්ති කියන විට ලැබුණු අමතක නොවන අත්දැකීම් ඇති නේද? ගහමරා ගන්න, ළමයි දාලා යන, මිනීමැරුම් වැනි සිදුවීම්වලට මම හරිම සංවේදීයි. ඇත්තටම ඒ වගේ දර්ශනයක් දැක්කොත් මගේ දෑස්වලට කඳුළු එනවා. ඊළඟ දර්ශනයට මම යන්නේ පුදුම අසීරුවෙන්. මට ඉතාම සංවේදී සිද්ධියක් මතකයි. පුංචි දරුවෝ දෙන්නෙක් අම්මයි, තාත්තයි මේ දරුවෝ පාරේ දාලා ගිහින් පොලීසියට ගෙනත් තිබුණා. ළමයි දෙන්නගේ දර්ශන පෙන්නනවා. මේ ළමයි දෙන්නා පොලීසියේ මිදුලේ කොටු ගහගෙන බට්ටෝ පනිනවා. මට ඊළඟ ප්‍රවෘත්තියට යන්න විඳිහක් නැහැ ඇඩෙනවා. පුංචි දරුවෝ දෙන්නෙක්. අවුරුදු තුනක, පහක ළමයි. ප්‍රවෘත්ති නිවේදිකාවක් විඳිහට අඩමින් ඒ විදිහට අපට ඒ වෙලාවේ සංවේදී වෙන්න බැහැනේ... නමුත් මම ඊළඟ ප්‍රවෘත්තියට එනවිට ඇඩෙනවා. ඒත් මොනවා කරන්නද විශාල ආයසයක් ඇරගෙන ප්‍රවෘත්තිය කියනවා. සමහර විට ඒවගේ සිදුවීම් දර්ශන තලයේ යනවිට මම බලන්නේ නැතුව කට හඬට විතරක් සවන්දීගෙන ප්‍රවෘත්ති කියන අවස්ථා තියෙනවා. සමහර අවස්ථාවලදී අපට මැදදී ප්‍රවෘත්ති ගෙනත් දෙනවා. මම දවසක් සජීවි මැදිරියේ ඉන්නකොට තමයි දෙහිවල බෝම්බය ගැන ගෙනත් දුන්නේ. කොලේ මේසේ යටින් ගෙනත් දුන්නා. දෙහිවලට අපේ ගේ ආසන්නයිනේ. අක්කලා, අයියලා කොහෙ හිඟින් ද කියලා දන්නේ නැහැ. මෙච්චර මැරලා, මෙච්චර තුවාලයි කියලා මම මුළු රටටම කිව්වත්. ඒ වගේ වෙලාවකට අපේ ගෙදරට මොකද වෙලා තියෙන්නේ කියලා කාටවත් කියන්න බැහැනේ. මට මතකයි ඒ කාලේම අපි නන්දා මාලනී මහත්මියගේ සාකච්ජාවකට ගියා. ඒ යන වෙලාවේ තමයි මහ බැංකු බෝම්බය ගැන දැන ගත්තේ. මම ගියේ සම්පුර්ණ ර්චඬඥ - උන එකක් දාලා. කෝට් එකක් ඇඳලා. අපිව හරවලා යැව්වේ ජාතික රෝහලට. මගේ ඇඳුම එතනට ගැළපෙන්නේ නැහැ. එතනට මීනි ගේනවා. ඉවරයක් නැහැ. ඒ අතර මගේ ඇඳුම හරිම අපහසුයි. මම ක්ෂේත්‍රයට ආපු අලුත.පුරුදුත් නැහැ. හරි බයෙන් හිටියේ. ඒ නිසාම මිනී ගෙන්නේ නැහැ කියලා හිතන තැනකට වෙලා හිටියේ. එක පාරටම එතනට පොලීසියයි, වෛද්‍යවරුයි ඇවිත් එතන තිබුණු ඉටි රෙදි ටික ඉවත් කළා. මට හිතාගන්න බැහැ මගේ කකුල් දෙක ළඟ ඉඳින් මීටර් ගානක් අතපය නැති මිනිසුන්ගේ මිනී. මාව කැරකෙන්න ගත්තා... හිතාගන්න මේ ලේ දැක්කහම මට දරා ගන්න බැරි වුණා. ඔබගේ පවුල මාධ්‍ය ක්ෂේත්‍රයේ කවුරුත් දන්නවා. ගෙදර පසුබිම කොහොමද? අපි පුංචිම කාලේ හරි රසවත් දෙයක් සිද්ධ වුණා. අපේ ගෙදර තිබුණා අකුරු අමුණන Press එකක්. තාත්තාගේ Press එක මෙහා පැත්තේ තමයි මම සෙල්ලම් බත් උයන්නේ. මම උයන්න දෙයක් නැති වුණාම කරන්නේ අර Press එකේ තියන පෙට්ටිවල පුංචි ඊයම් බරු ගෙනත් මුට්ටියට දානවා. ඒ කාලේ මම දන්නේ නෑ මේ අකුරු බව. දවසක් මම මේ කෑලී දාලා සෙල්ලම් බත් උයනවා. මට Press එක ඇතුළේ ඇහෙනවා අකුරු නැහැ. සමහර අකුරු අඩුයි... කියලා මිනිස්සු කෑ ගහනවා. ඔය අතරේ අපේ තාත්තා ඔතනින් යන ගමන් වළං ටික අරින්න කිව්වා. ඇරලා බැලුවාම මගේ මුට්ටිවල තියෙන්නේ අකුරු. තාත්තා කෑ ගැහැව්වා ඔහේ කොහේ අකුරු අමුණන්ද මෙයා ඔක්කොම අකුරු ටික උයනවා කියලා. මැල්ලුන් උයන්න, බත් උයන්න ඔක්කොටම මම ඇරගෙන තියෙන්නේ තාත්තාගේ Press එකේ අකුරු. අපේ තාත්තාගේ ගම බුලත්සිංහල ගමට යද්දී තාත්තා වෙලාවට වැඩ. ගෙදරින් හතට යනවා. කිව්වොත් හතට ලැහැස්ති අය දාගෙන යනවා. නැත්නම් නැහැ. අම්මා වුණත් වෙලාවට නැත්නම් තාත්තා යනවා. ඒ වෙලාවට ලැහැස්ති නැතත් බ්‍රෂ් එක, ටුවුත් පේස්ට් එක බෑග් එකේ දාගෙන ඇවිත් වෙලාවට කාර් එකට නඟින්නේ මම විතරයි. හුඟක් වේලාවට තාත්තා එක්ක යන්න ඉතුරු වෙන්නේ මම විතරයි. අපේ අම්මත් ඒ කාලේ පොත් ලියනවා. තාත්තාත් ජනපි‍්‍රයයි. ගුරුවරු පවා අම්මාගේ ගොලයෝ. ඒ නිසා පොඩි කාලේ ඒක තරමක වදයක් වුණා. අපි අම්මාගේ තාත්තාගේ තත්ත්වය තියාන්නත් ඕනේ. දවසක් ගුරුවරියක් කවියක තේරුමක් මගෙන් අහලා මට බැරි වුණා. ඊට පස්සේ අහවල් මාධ්‍යවේදියාගේ... අම්මා ගැන කියලා ඕක දන්නේ නැද්ද කියලා ඇහුව්වා. මම කිව්වා අපේ ගෙදර කතා කරන්නේ සංස්කෘත නෙමෙයි සිංහල කියලා. ඒ තරමට ඒක වදයක් වුණා. මම ක්ෂේත්‍රයට ආපුම කාලේ තාත්තා දවසක් කඩේට ගිහින් තියනවා. ඒ කාලේ තාත්තාත් ටීවී වැඩසටහනක් කරනවා. කවුද ඇවිත් එක පාරටම අහලා තියනවා චේතනා ලියනගේගේ තාත්තා නේද ඔයා කියලා. ඒකට තාත්තාට කේන්ති ගිහින් එයා කියලා තියනවා නැහැ මම ගුණදාස ලියනගේ කියලා. පස්සේ තාත්තා ගෙදර ඇවිත් කියනවා දැන් ළමයින්ගේ නම්වලින් තමයි මිනිස්සු අපට කතා කරන්නේ කියලා. නමුත් ඔහුට සතුටුයි. චේතනාගේ මාධ්‍ය ජීවිතයේ රසවත් සිදුවීම් එහෙමත් ඇතිනේ... එක් වතාවක් අපේ ස්ටුඩියෝ එක ගිනි ගත්තු කාලේ තාවකාලික තැනක අටවාගෙන වාගේ ප්‍රවෘත්ති කිව්වා. ඒ වෙලාවේ හරි විදියකට ප්‍රවෘත්තියක් නිවේදකයාගේ අතට දෙන්න ක්‍රමයක් එහෙම තිබුණේ නැහැ. මම එතන ප්‍රවෘත්කි කියපු පළමු දවසේ මම හිටපු මෙසේ ළඟට දණ ගහගෙන බඩගාගෙන අපේ ආයතනයේ ප්‍රවෘත්ති අංශයේ ලොක්කෙක් ආවා. ඇවිත් කොළයක් දික් කරගෙන මම ළඟ දණ ගහගෙන ඉන්නවා. මට මේක දැකලා හරිම හිනාත් යනවා. පස්සේ තමයි දැක්කේ කොළයක් දෙන්න තමයි ඇවිත් කියෙන්නේ. ඒක දීලා යන්නටත් ඉස්සුනොත් තීරයට පෙනවා. ප්‍රවෘත්ති ඉවරවෙනකම්ම ලොක්කා මා ගාව දණ ගහගෙන හිටියා. ඔයාගේ පවුල් ජීවිතේ කොහොමද? මට දැන් දුවලා දෙන්නෙක් ඉන්නවා. සැමියා පීපල්ස් ලීසින් ආයතනයේ සේවය කරනවා. ලොකු දුව මියුසියස් විද්‍යාලයේ තුන්වැනි ශ්‍රේණියේ, පොඩි දුව ළදරු පාසලට යනවා. මගේ සැමියාගෙන් මගේ ක්ෂේත්‍රයට විශාල සහයෝගයක් ලැබෙනවා. කොයි තරම් ජීවිතේ කාර්යය බහුල වුණත් පවුල් ජීවිතේ සමබරව ගිනියන්න සෑහෙන වෙහෙසක් ගන්නවා. රෑට නිදියන කාලය තමයි ඒකට කැප කරන්නේ. පාන්දර ප්‍රවෘත්ති කියන්න සමහර විට උදේ පහට විතර එන්න වෙන්නේ. ඒ එනකොට සැමියාගේ කෑම දරුවන්ගේ කෑම ඒ හැමදේම සකස් කරලා තමයි ගෙදරින් එන්නේ. රෑට දරුවන්ගේ ගෙදර වැඩ ටික කරනවා. විවේක කාලය සම්පුර්ණයෙන්ම පවුල වෙනුවෙන් කැප කරලා මම ඉගෙන ගන්න තියන කාලය දරුවගේ අධ්‍යාපනය වෙනුවෙන් කැප කරලා දැන් ති;යන්නේ. චේතනා ඔබේ Email ලිපිනය අපේ පාඨකයන්ට මතක් කළොත්
|