|
බේබි ඔස්ටින් කැලේ, පැදපන් ඇල්පියෝ
ඔය කාලයේ මම විද්‍යා ඇනස්ලි ඉස්සරහ ඉඳන් කිව්වා ඇල්පියෝ ඔන්න අදත් දරසෑය ඉස්සරහින් යනවා. බලපන් පුළුවන් නම් වෙට්ටුවක් දාලා යන් කියලා. මාත් ඉතිං කොලුකම ඇඟට අරන් පාපැදිය පදිනවා. ඇනස්ලි ඉස්සරහ ඉඳන් කමෝන් ඇල්පියෝ කමෝන් තව ටිකයි, බේබි ඔස්ටින් කැලේ, පැදපන් ඇල්පියෝ කිව්වා. මම හතිදාගෙන බයිසිකලේ පදිනවා. මම ෆුල් ඩම් එක දාලා සීට් එකෙනුත් නැගිටලා බයිසිකලේ පැද්දා. වාහනයත් ඉස්සර කරගෙන අපේ බයිසිකලය ඉදිරියටම ඇදුණා. ටික දුරක් ගිහින් බලන කොට පිටි පස්සේ හිටිය ලංසි යාළුවා නැහැ. දැන් මොනව කරන්නද අපි දෙන්න ආයෙත් බයිිකලය හරවගෙන යාළුවට මොකද වුණේ කියලා බලන්න ආපහු ආවා. එනකොට පාරේ එයාව වට කරගෙන මිනිස්සු ටිකක් හිටියා. ලංසි යාළුවාට සිහියක් නෑ පාරේ වැටිලා. එතන හිටිය මිනිස්සුන්ගේ උදව්වෙන් යාළුවාට වතුර ගහල කොහොම හරි සිහිය ගත්තා. කොහොම හරි වෙලා තියෙන්නේ වාහනයට ඉස්සර කරන්න මම සීට් එකෙනුත් නැගිටලා බයිසිකලේ පාගන කොට ලැගේජ් එකේ හිටිය ලංසි යාළුවා පාරට ඇදගෙන වැටිලා. කොහොම හරි මිනිස්සුන්ගෙන් ගුටි නොකා අපි ලංසි යාළුවත් අරන් ඉස්කෝලෙට එනකොට ඉස්කොලෙත් පටන් අරන්.
* පාට කොහොමද? පෙනුමයි රතුයි* මේ මොකද ඕයි* ‘අඩියක්’ ගසා අමද්‍යප සංගමයට ගිහින්* පුවක්පිටිය කේවට්ටලාගේ අමාරිස්* කුස්සි අම්මාට විරුද්ධව නඩුවක්* ඔහේ තාත්තා නම් මෙයා කොහොමද පියා වෙන්නේ* සුද්දො කොහෙද ඕයි සිංහලෙන් අහන්නේ* ලේබල් ලයිබල් වෙලා* බැනපු කතාවත් පරිවර්තනය කළා |