වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




බලනව නම් චිත්‍රපට

බලනව නම් චිත්‍රපට

සත්‍ය කිසිදා වැලලිය නොහැක ෆොන්ටේරා (FRONTERA)

නගර පාලකයාගේ බිරිඳ ඝාතනය කළ බවට නොකළ වරදකට හසුවන අයෙක් ධෛර්යය සම්පන්නව කටයුතු කරමින් තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට ගන්නා වෙහෙස පිළිබඳ ෆොන්ටේරා චිත්‍රපටයෙන් විදහා දක්වයි.

ඊඩ් හැරිස්, මයිකල් පෙනා, ඊවා ෆෝරියා සමඟ ආමි මැඩිගන් රංගනයෙන් දායකවන ෆොන්ටේරා මේ දිනවල ඉංගී‍්‍රසි චිත්‍රපට නරඹන්නන් අතර ඉමහත් ජනපි‍්‍රය චිත්‍රපටයකි. මැග්නෝලියා පික්චර්ස් නිෂ්පාදනයක් වන ෆොන්ටේරා අධ්‍යක්‍ෂණය මයිකල් බෙරි ගෙනි.

යළි හමු වූ බ්ලෙන්ඩඩ් (BLENDED)

ලොරේන් සහ ජිම් නැවත එක් නොවීමට තීරණය කර තිබුණද එම තීරණය වෙනස්කර ඔවුන් දෙදෙනා ඔවුන්ගේ දරුවන් සමඟ අපි‍්‍රකාවේ නිවාඩුවක් ගත කිරීමට යයි. මේ නිසා ඔවුන් සියලු දෙනා නැවත එක්වෙති.

හාස්‍යය සමඟ මානුෂිකත්වය විදහා දක්වන බ්ලෙන්ඩඩ් සෑම තරා තිරකම ඩී. වී. ඩී. ප්‍රේක්‍ෂකයන්ට ඔබින චිත්‍රපටයකි.

ඇඩම් ස්ලැන්ඩර් ජිම් ෆ්‍රෙඩ්මන් ලෙසත් ඩ්‍රේව් බැරිමෝර් ලෝරෙන් රේනෝල්ඩ් ලෙසත් රඟන බ්ලෙන්ඩඩ් හි සෙසු රංගන දායකත්වය බේලා තෝන්, ටෙරි ක්රූස් ගෙනි.

වෝනර් බ්‍රදර්ස් බෙදාහැරීමක් වන බ්ලෙන්ඩඩ් අධ්‍යක්‍ෂණය ෆ්රූන්ක් කොරසි ගෙනි.
 

අතීතය වර්තමානයට ගෙනෙන එක්ස් මෙන් (X- MEN)

ලෝ ප්‍රකට එක්ස් මෙන් චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටයයි එක්ස් මෙන් ඩේස් ඔෆ් ෆියුචර් පාස්ට් චිත්‍රපටය.

එක්ස් මෙන් ඔවුන්ගේ කණ්ඩායමේ අනාගතය රැක ගැනීම සඳහා අතීතයට ගොස් අතීත සිදුවීම් වෙනස් කරයි. මෙහිදී ඔහු මුහුණ දෙන අත්දැකීම් මෙම චිත්‍රපටයට පාදක වී ඇත.

හග් ජැක්මන්, ජේමිස් මැකෝයි, මයිකල් ෆස්බෙන්ඩර් රංගනයෙන් දායක වෙති. බ්‍රයන් සින්ගර් එක්ස් මෙන් අධ්‍යක්‍ෂවරයායි.

ඔරු මෝදලි ඔරු කාදලි (ORU MODHALI ORU KADHALI)

නවක සිනමා නළු නිළියන් රැසක් සිනමාවට හඳුන්වා දෙන අලුත්ම දෙමළ චිත්‍රපටයකි ඔරු මෝදලි ඔරු කාදලි චිත්‍රපටය.

ටී. ජී. කීර්ති කුමාර් කතාව සහ අධ්‍යක්‍ෂණය කළ මෙහි හඳුන්වාදෙන ආර්. විවේක්, මේගා බර්මන් සමඟ රූපා නටරාජ් රංගනයෙන් දායක වෙති.

ඉරුක්කු ආනා ඉල්ලා  (IRUKKU ANAN ILLA)

අලුත්ම නළු නිළි දෙපළක් හඳුන්වා දෙන තවත් දෙමළ චිත්‍රපටයකි ඉරුක්කු ආනා ඉල්ලා චිත්‍රපටය.

බිබාන්ස් සමඟ මනීෂා ශ්‍රී තිරයට හඳුන්වා දෙන මෙහි සෙසු රංගන දායකත්වය ඊඩ්න්, ආදාවන්, වයි. ජී. මහේනු සහ රවිරාජ් ගෙනි.

කේ. එම්. සරවනන් කසාව තිර රචනය සහ අධ්‍යක්‍ෂණය කර ඇති ඉරික්කු ආනා ඉල්ලා අත්භූත සිදුවීමක් වටා ගෙතුන චිත්‍රපටයකි.

බාධකවලින් පිරි ආදරය හීරෝ පන්ටි (HERO PANTI)

විවිධ කතා තේමා ඔස්සේ සිය ප්‍රේක්‍ෂකයන් මෝහනයට පත් කරන ප්‍රකට හින්දි චිත්‍රපට නිෂ්පාදක සජීඩ් නඩිඩ්වලා ගේ නවතම චිත්‍රපටය වන හීරෝ පන්ටි ක්‍රියාදාම සහ සංගීතමය අපූරු ආදර පුවතකි.

නර්තනය, රංගනය ඇතුළු සමස්ත රංගන කලාවම තම ආත්මය කරගත් හින්දි නවක නළු නිළියන් අතරට අලුතෙන්ම හඳුන්වා දෙන යොවුන් නළු නිළි දෙපළ වන ටයිගර් ෂෙරෝෆ් සහ ක්‍රිටි ෂැනෝන් ගේ අපූරු රංගන රටාවෙන් මුළු හීරෝ පන්ටි චිත්‍රපටයම ඔපවත් වී ඇත. ප්‍රකාශ් රාජ්, වික්‍රම් සිං, අර්පන් වර්මා ඇතුළු ජනපි‍්‍රය නළු නිළියන් රැසක්ද රංගනයෙන් දායක වන හීරෝ පන්ටි ෂබීර් ඛාන් ගේ අධ්‍යක්‍ෂණයකි.

බ්ලු රේ චිත්‍රපට අනුග්‍රහය මූවි වර්ල්ඩ් එච්. ඩී. ඩී. වී. ඩී.

අනුග්‍රහය - නීරෝ සී. ඩී. හවුස් මල්වත්ත පාර.