වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




රාවල් මෝදි වෙයි

රාවල් මෝදි වෙයි

රටේ නායකයාගේ චරිතය රඟන්නට ලැබීම නළුවෙකුට එක අතකින් සුපිරි වරප්‍රසාදයකි. තවත් අතකින් හිස ගසා දමනවාක් වැනි කටයුත්තකි.

නළුවාගේ රඟපෑමට නායකයාගේ සිත ගියොත් ඔහුට වාසිය. එහෙත් විරුද්ධ පක්ෂවලින් නම් අවාසිය. මේ අභියෝගය බාර ගැනීමට සූදානමින් සිටින්නේ ප්‍රවීණ නළු පරේෂ් රාවල්ය. ඔහු අගමැති නරේන්ද්‍ර මෝදිගේ චරිතය රඟන්නට සූදානමින් සිටින්නේය.

ඒ තමන් හැර අන් කිසිදු නළුවකු ඊට නොගැළපෙන බව ද පවසමිනි. ඉතා ඉක්මනින්ම සිනමාපටයේ රූගත කිරීම් ඇරැඹීමට නියමිතයි.

පරේෂ් දැනටමත් මෝදිගේ කැබිනෙට්ටුවේ මන්ත්‍රීවරයෙකි.