වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




කර්තෘ භාගයට පෙළ ගැසිලා

කර්තෘ භාගයට පෙළ ගැසිලා

රංගන ශිල්පී හර්ෂ බුලත්සිංහල

මම ඇතුළුව ප්‍රවීණ කලාකරුවන් රැසක් සමඟ එකතු වෙලා අපි අලුත්ම වැඩක් ආරම්භ කළා. ඒ ලංකාවේ වාදනය වන ඕනෑම ගීතයක් සඳහා කර්තෘ භාගය පිළිබඳ කතා කිරීමේ සංවිධානයක් පිහිටුවා ගැනීමයි.

එය නම් කරලා තිබෙන්නේ Authors Composers & Performers Organization of Sri Lanka නමින්. මේ පිළිබඳ කටයුතු කරන අප සංවිධානයත් සමඟ අත්වැල් බැඳගෙන රාජ්‍ය බුද්ධිමය දේපල කාර්යාලයත් ඉන්නවා.

මේ දවස්වල අපගේ සංගමය කරන්නේ ගී නිර්මාණවල කර්තෘ භාග ගෙවීම පිළිබඳව විද්‍යුත් චැනල් සමඟ සාකච්ඡා කිරීමයි. එහි ව්‍යාපෘති සහ මෙහෙයුම අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන මගේ කාලය සම්පූර්ණයෙන්ම වෙන් වන්නේ ඒ වෙනුවෙන්.