වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




මේ පෝයට වාසනාව ගෙනෙයි

මේ පෝයට වාසනාව ගෙනෙයි

හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ ‘වාසනාව’ පොහොය නාට්‍ය මෙම මස 08 වැනිදාට යෙදෙන බිනර පොහොයදා සවස 5 ට ස්වාධීන රූපවාහිනියේ විකාශය වේ.

සැනෙට් දික්කුඹුර, නිරෝෂන් එදිරිමාන්න, වසන්ත කුමාර විතානගේ, ලලිත් කල්දේරා ඇතුළු පිරිස චරිත මවා තිබේ.

අධ්‍යක්ෂණය මෙන්ම කතාව දෙබස්, තිර රචනය හර්ෂගෙනි. මහේෂ් කරුණාරත්න කැමරාව මෙහෙය වීය. ලලිත් කල්දේරා රේඛීය නිෂ්පාදනයෙන් ද නිරෝෂන් එදිරිමාන්න සහාය අධ්‍යක්ෂණයෙන් ද මධුර ප්‍රසාද් සංස්කරණයෙන් ද, උපාලි උදයසිරි කලා අධ්‍යක්ෂණයෙන් ද වාසනාව සඳහා දායක වී ඇත. මාකඹුර ශ්‍රියන්ත පෙරේරාගේ අංග රචනයකි. පසන් නදී නන්දන නිෂ්චල ඡායාරූප ශිල්පියාය. ශ්‍රියානි පෙරේරා සහ දෙමටගොඩ නිමල් විමල නිෂ්පාදන කළමනාකරුවෝය. ආනන්ද පී. කුමාරගේ සංගීත අධ්‍යක්ෂණයකි.

වාසනාව 30 සෙකන්ඩ් ක්‍රියේෂන්හි ඉදිරිපත් කිරීමකි.