|
ලෝක සිතියමේ ලොකුවට පෙනෙන කුඩා සම්නර්
එමෙන්ම නිව් ජර්සිහි රංගකලා මධ්‍යස්ථානයෙහි තරුණ කලාකරුවන්ගේ ආයතනයට ඇතුළත් වී වැඩි දුරටත් වේදිකා රංගනය පිළිබඳ හදාරන්නට විය. කටහඬ පාලනය මෙන්ම රංගනය පිළිබඳ ඈ උගත්තේ එයිනි. බර්ගන් කන්ට්‍රි මියුසික් ඇකඩමියෙන් තව දුරටත් නර්තනය, රංගනය, ගායනය පිළිබඳ වඩා ගැඹුරින් හැදෑරීම හේතුවෙන් සම්නර් වෘත්තීමය වේදිකා නාට්‍ය ශිල්පිනියක වීමට පුහුණු වීම අරඹා ඇත. 2013 වර්ෂයේදී ඇගේ පාසලේ රඟ දැක්වූ නාට්‍යයක් වූ බ්‍රිහඩුන් හි මෙග් බ්‍රොකී චරිතය රඟපා පෙප්මිල් ප්ලේ හවුස් රයිසින්ග් ස්ටාර් සම්මාන උළෙලේ හොඳම සහය නිළිය සඳහා නිර්දේශ විය. ප්‍රකට ටෝනි සම්මාන උළෙල අනුකරණය කරමින් පවත්වන මේ සම්මාන උළෙල සඳහා අන්තර් පාසල් 100ක් සහභාගී වේ. ප්‍රකට හොලිවුඩ් නිළියක වන ඈන් හැතවේ පවා එකල මේ සම්මානය සඳහා නිර්දේශ වී සිටීම වඩාත් වැදගත්ය. අංශ කිහිපයක් යටතේම දක්ෂතා පෙන්වන සම්නර් තම පාසලේ ජෑස් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායිකාවක ලෙස කටයුතු කර ඇත. පුණ්‍ය කටයුතු වෙනුවෙන් තම කටහඬ ස්වේච්ජාවෙන් ලබාදෙන සම්නර් ඔවුන්ට සත්කාර පිණිස පැවැත් වූ “කීප් ද ස්පිරිට් 45 ලයිව්” සංගීත ප්‍රසංගයට සහභාගී වූවාය. දෙවැනි ලෝක යුද වීරයන්ගේ සේවය අගය කරමින් පැවැත් වූ මේ ප්‍රසංගයේදී 40 සහ 50 දශකවල ප්‍රකට ජෑස් ගීත ගායනා කෙරුණි. ලෝක සිතියමේ ලංකාවේ තැන ලකුණු කරන්නට තැත් කරන සම්නර් අනාගතයේ දිනෙක දක්ෂ වේදිකා නාට්‍ය ශිල්පිනියක වන බවට නම් සැකයක් නැත. |