කොළඹ විශ්වවිද්‍යාලයෙන් රවීන්ද්‍ර රන්දෙණියට ආචාර්ය උපාධියක්
කොළඹ විශ්වවිද්‍යාලයෙන්
රවීන්ද්‍ර රන්දෙණියට
ආචාර්ය උපාධියක්
විශිෂ්ට රංගනවේදී රවීන්ද්‍ර රන්දෙණිය ආචාර්ය උපාධියෙන් පිදුම් ලබයි. සෞන්දර්ය
විශ්වවිද්‍යාලයේ සනාථන සභාව මඟින් මෙම ආචාර්ය උපාධිය ඔහුට පිරිනමා තිබේ. සිනමාව
වෙනුවෙන් ඔහු විසින් කරන ලද මෙහෙය මෙම ගෞරව උපාධිය පිරිනැමීමේදී සලකා බැලිණ.
කළු දිය දහර සිනමාපටයෙන් සිනමා රංගනයට අවතීර්ණ වූ රවීන්ද්‍ර රන්දෙණිය ස්වකීය රංගනය
ප්‍රතිරූප ගත කිරීමට සීමා නොවී රංගනය යනු දැවැන්ත කාර්යයක් බව සනාථ කළ නළුවෙකු
වුවේය.
එපමණක් ද නොව මෙරට සිනමා කර්මාන්තයේ නියැලි සියලු කලාකරුවන්ගේ සුබසාධනය
වෙනුවෙන් සිනමාවේ ගැටළු සඳහා සෘජුව කලාකරුවන් හා නිෂ්පාදකවරු වෙනුවෙන් පෙනී සිටි
දැවැන්තයකු ද විය. එබැවින් රවීන්ද්‍ර රන්දෙණිය වෙනුවෙන් පිදුන මෙකී ගෞරව ආචාර්ය
උපාධිය පිරිනැමීමට තීරණය කළ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සනාථන සභාවට සරසවිය සිය
ප්‍රණාමය පළ කරයි. රවීන්ද්‍ර රන්දෙණිය රංගවේදියාණන්ට අපේ සුබපැතුම් එක් කරමු.
ප්‍රසාද්
|