වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය: මං නළුවෙක්ද?: Sarasaviya e edition - Lake House - Sri Lanka

මං නළුවෙක්ද?

‘මං නළුවෙක් ද කියලා හිතෙනවා’ මෙසේ පවසන්නේ එසේ මෙසේ නළුවකු නොව විශිෂ්ට රංගධරයකු වූ අමීර් ඛාන්ය. ඔහු පී කේ සිනමාපටය රාජස්ථානයේ රූගත කරද්දී රසිකයන් සිනමාව ගැන එකදු ප්‍රශ්නයක් හෝ නොනැඟීම ඊට හේතුවයි.

ප්‍රශ්න නගා ඇත්තේ ‘සත්‍යමෙව් ජායතී’ වැඩ සටහන ගැනයි. ‘මට හිතෙන්නේ මිනිස්සු මගේ චිත්‍රපට ගැන උනන්දු නැහැ. විශ්‍රාම ගන්න කාලය ඇවිත්’ ඔහු එසේ පවසා ඇත්තේ සිනාසෙමිනි. එහෙත් එය ඇස් රතු වන විහිළුවක් නොවේවායි යන්න සැමගේම පැතුමයි.