ගයාන්-ඊව් සහ චාපාගේ ආදර කතාව
ගයාන්-ඊව් සහ චාපාගේ
ආදර කතාව
Miles of a dream
අපි හැමෝම ඉන්නේ තම තමන්ගේ සිහිනවල. ඒ සිහින හඹාගෙන තැනින් තැන ඇවිදින එක
නිමේෂයකදියි ඊව්, ගයාන් සහ චාපා ප්‍රංශයට පැමිණෙන්නේ. යුක්රේනයෙන් නිළියක් වීමේ
සිහිනය සොයා ගෙන එන ඊව්ට මුලින්ම මුණ ගැහෙන්නේ ගයාන්ව. ඒ දුරකථන කුටියක් ඇතුළේදී.
ගයාන්ගේ අම්මාගේ සමු ගැනීමත් සමඟ වඩාත් තමන්ගේ හදවතට සමීප වන ඊව්, ගයාන් අතරට
පැමිණෙන්නේ තවත් එක්කෙනෙක්. ඒ චාපා. චාපා ප්‍රංශයට එන්නේ තමන්ගේ සිතේ කාලයක පටන්
රුඳිල තිබුණු හීනය සොයාගෙන. සංගීත කණ්ඩායමක් සමඟ ප්‍රංශයට එන ඔහු එයින් හොරෙන්
පනින්නේ මේ අතර. ඒ වගේම තමන්ගේ සිහින සොයා ගෙන යන මේ තුන්දෙනා එකට මුණ ගැහෙනවා. ඒ
එක් මංසන්ධියකදී. එකම හීනේ කොටස්කාරයෝ වුණත් තුන් දෙනාට තියෙන්නේ කතා තුනක්. ඒ කතා
තුනේ ඉන්න ඊව්, ගයාන්, චාපාගේ සිත්වලට දැනෙන හුදකලාවේදී ඔවුන්ට ඕන කරන්නේ ආදරය,
බැඳීම, විශ්වාසය. ඒ කියන්නේ ජීවිතයට තේරුමක්. ඒ තේරුම හදාගන්න තුන් දෙනෙක් කරන
අරගලයයි ‘මයිල්ස් ඔෆ් අ ඩ්‍රීම්’ කියන්නේ.
උදය ධර්මවර්ධන කියන ආන්දෝලනාත්මක අධ්යක්ෂවරයාගේ අලුත්ම සිනමා සිහිනය ළඟදීම මේ
විදියට එළි දකින්නට සිහින දකිද්දී අපගේ මතකයට නැඟෙන්නේ ඔහුගේ පළමු චිත්‍රපටය වන
‘හව් අයි වන්ඩර් වට් යූ ආ’. වසර අටක් තිස්සේ ‘සිරස’ රූපවාහිනියේ වැඩසටහන්
නිෂ්පාදකවරයෙක් විදියට කටයුතු කරලා ඉන් ඉවත් වන උදය තමන්ගේ අලුත්ම සිනමා කෘතියයි මේ
රැගෙන එන්නේ. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ලක්ෂාන් අබේනායක.
තිලානි ශානිකා විතානාච්චි
|