වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ සැප්තැම්බර් 17

අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ සැප්තැම්බර් 17

සනත් අබේසේකර අනගාරික ධර්මපාලතුමන්ගේ චරිතය ඇසුරෙන් නිර්මාණය කළ අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ සිනමාපටය, ධර්මපාලතුමන්ගේ එකසිය පනස් වැනි ජන්ම සංවත්සරය යෙදෙන සැප්තැම්බර් 17 වැනිදා සිිට එම්. පී. අයි. සහ සෙල් මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත කෙරෙන බව අධ්‍යක්ෂවරයා ‘සරසවිය’ට දන්වා සිටියි. පූජ්‍ය කිරම විමලජෝති හිමිපාණන් සමඟ සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනය කළ මෙහි ධර්මපාලතුමන්ට පණ පොවනුයේ පාලිත සිල්වාය.

ලකී ඩයස්, ශ්‍රියන්ත මෙන්ඩිස්, කමල් දේශප්‍රිය, සඳුන් විජේසිරි, ගයාන් වික්‍රමතිලක, හයිසින්ත් විජේරත්න, ඔස්ටින් සමරවික්‍රම, මාධව විජේසිංහ, රුවන්ගි රත්නායක, දයාසිරි හෙට්ටිආරච්චි, අශෝක නවරත්න කුමාරසිංහ, අමල් පෙරේරා, අජිත් කුමාර, සංජය අමරසිංහ, චිත්‍රානන්ද කුරුවිට ආරච්චි සෙසු චරිත රඟනු ලබයි. අධ්‍යක්ෂණය මෙන්ම කතාව, දෙබස්, තිර රචනය සනත් අබේසේකර විසින් නිම කොට ඇත. ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීත අධ්‍යක්ෂණයකි. විශාරද නන්දා මාලිනී, රෝහණ වීරසිංහ, මාධවී ජයසේන ගීත ගායනයෙන් එක් වී සිටී. ලකී ආතවුදගේ සහාය අධ්‍යක්ෂණයකි.

ගයාන් බුද්ධික සහ ඉන්දික දෙවන සහය අධ්‍යක්ෂවරුන්ය. උපදෙස් සහ තොරතුරු ලබාදීම ආචාර්ය ගයාන් චානුක විදානපතිරණගෙනි. ආනන්ද බණ්ඩාර වර්ණ සංකලනය කෙට ඇත. පූජ්‍ය ඇඹිලිපිටියේ විජිත හිමි සම්බන්ධිකරණයෙන් ද, හීනටිගල ප්‍රේමදාස ඇඳුම් නිර්මාණයෙන් ද, සුජිත් නිශාන්ත කැමරා අධ්‍යක්ෂණයෙන් ද, සුනෙත් නන්දලාල් කලා අධ්‍යක්ෂණයෙන් ද, මනෝජ් ලක්සිරි අංග රචනයෙන් ද මේ සඳහා එක් විය. සංජය අමරසිංහගේ නිෂ්පාදන කළමනාකරණයකි. ඉෂිනි අබේසේකර නිෂ්පාදන කෘත්‍යාධිකාරී වේ. නන්දිනන්දා ජයකොඩි සංස්කරණයෙන් එක්ව ඇත.