වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




බර අඩු වෙන්න මෙන්න උපදෙස්

බර අඩු වෙන්න මෙන්න උපදෙස්

චරිතයේ බර වැඩිකර ගැනීමට සිරුරේ බර අඩු කරගන්නා තරුවලින් බොලිවුඩයට අඩුවක් නැත. තම්මන්නා භාතියා, හම්ෂේකල්ස් විකට සිනමාපටය සඳහා කිලෝග්‍රෑම් පහකින් බර අඩු කරගෙන තිබේ. ඒ තනිවම නොවෙයි. විශේෂඥ පෝෂණවේදියකුගේ උපදෙස් ලබාගෙනය.

මේ අතර නළු ආර්. මාධවන් ‘ලාල්’ සිනමාපටයේ බොක්සිංකරුවකු සේ රඟපෑමට කිලෝ පහළොවකින් බර අඩු කරගෙන තිබේ. උපන් දිනය යෙදී තිබුණු ජූනි 1 වැනිදා මිතුරන් සමඟ ඉතා සරල ආහාරයකින් සප්පායම් වීමට ඔහුට සිදු වී ඇත.