වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




ගුවන් පාලම ළඟට වී

ගුවන් පාලම ළඟට වී

ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන

මගේ අලුත්ම ටෙලි නාට්‍ය වුණු ‘ගුවන් පාලම’ නිර්මාණයේ ස්විට්සර්ලන්තයේ රූගත කිරීම් අවසාන කළා. මේ වනවිට ලංකාවේ රූගත කිරීම් ආරම්භ කරලා තියෙන්නේ. ධනංජය, තිසුරි, රත්නා ලාලනී වගේ නළු නිළියන් රැසක් මෙහි රඟපානවා. මෙම ටෙලි නාට්‍යයේ පිටපත ලිව්වේ සුනන්ද සිල්වා.

මීට නිෂ්පාදනයෙන් සහය වන්නේ ශිරෝමි මාතරගේ, විමල් අලහකෝන්, රොෂාන් වීරප්පුලි හා මමයි. මගේ උපන් දිනයත් ළඟම එළැඹෙන නිසා පවුලේ හැමෝම එකතු වෙන්නේ ඒ වගේ දවසකට තමයි. උපන් දිනය විශේෂ කරලා සමරන්න මා කැමැති නෑ.