|
|
හෝගානා පොකුණ ෂැංහයි යයි
සම්මානනීය වේදිකා නාට්‍ය යුගලය ජනාධිපති තාත්තා සහ කොලම්බො කොලම්බො අධ්‍යක්ෂණය කළ ඉන්දික ෆර්ඩිනැන්ඩො සිනමා අධ්යක්ෂවරයකු ලෙස කලඑළියට එන හෝගානා පොකුණ සිනමා සිත්තමහි ජාත්‍යන්තර මංගල දැක්ම මෙම මස 17 වැනිදා චීනයේ ෂැන්ග්හයි ජාත්‍යන්තර සිනමා උළෙලේදී පැවැත්වේ.
ජයලත් මනෝරත්න,ලූෂන් බුලත්සිංහල, ජගත් චමිල, ගීතා කාන්ති ජයකොඩි, අනුසුයා සුබසිංහ, හයිසින්ත් විජේරත්න,සැනෙට් දික්කුඹුර, දයාදේව එදිරිසිංහ, ජයනි සේනානායක, ඩී. බී. ගංගොඩතැන්න, අමා විජේසේකර, වසන්ත මුහන්දිරම්, ප්‍රියන්ත සිරි කුමාර හෝගානා පොකුණට රංගනයෙන් දායක වෙයි. මෙය කුසුම්සිරි ලියනආරච්චි, යශෝදරා සරච්චන්ද්‍ර, දයානන්ද ලියනආරච්චි, බිමල් ප්‍රනාන්දු, නිරෝෂා ප්‍රනාන්දු, ශ්‍යාමා අතුකෝරාළ සහ ගීතා මුතුමාලගේ නිෂ්පාදනයකි. චන්න දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂවරයාය. දුමින්ද ඩී. මඩවලගේ සහාය අධ්‍යක්ෂණයකි. තිස්ස සුරේන්ද්‍ර සංස්කරණයෙන් ද, දිනේෂ් සුබසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් ද, කලා අධ්‍යක්ෂණයෙන් මංජුල අයගම ද, ලයනල් ගුණරත්න ශබ්ද පරිපාලන උපදේශනයෙන් ද මෙයට එක් වෙති. ප්‍රියන්ත දිසානායකගේ අංග රචනයකි. ශෂික රුවන් මාරසිංහ ශබ්ද සැලසුම්කරණ ශිල්පියාය. පාලිත තෙන්නකෝන් නිෂ්පාදන කළමනාකරුය. ආනන්ද ලියනආරච්චි නිෂ්පාදන විධායකවරයා වේ. හොගානා පොකුණ ළඟදීම මෙරටදී තිරගතවීමට නියමිතය. |




ඉන්දික විසින්ම කතාව දෙබස් තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ මෙය ළමා චිත්‍රපටයක් වන අතර
ළමුන් දහ අට දෙනෙකු මෙහි ප්‍රධාන භූමිකා නිරූපණය කරනු ලබති.