වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




ග්‍රේස් අක්කා අම්මා වෙලා

ග්‍රේස් අක්කා අම්මා වෙලා

නිවේදිකා රසාදරී පීරිස්

‘අත්තටු නෑ ඒත් එයා ඉඟිලෙයි’ කියන ජපන් ටෙලි නාට්‍යයේ ඉතෙකෝ ගේ අම්මට හඬ කැවීම් කරන්නේ මමයි. මේ මා ජපන් ටෙලි නාට්‍යයකට හඬ කැවීමෙන් සහභාගි වෙන්නේ වසර විස්සකට පසුවයි.

වසර විස්සකට පෙර ඔෂින්ට මම හඬ කැවීම් කරන විට ඔෂීන්ගේ අම්මාට හඬ කැවීම් කළේ ග්‍රේස් ආරියවිමල් අක්කයි. වසර විස්සකට පෙර එදා මගේ අම්මාට හඬ කැවීම් කළ ඈ වසර විස්සකට පස්සෙත් මගේ අම්මා විදියට හඬ කැවීම් කරනවා.

ඒ සිදුවීම අපි දෙන්නටම විශේෂයි. ළඟදීම මගේ උපන් දිනය යෙදුණත් වෙනදා වගේ උපන් දිනය සමරන්න මම මේ වසරේ සූදානම් නෑ. ඒ මගේ දෙවැනි නංගි මිය ගියේ ජූනි මාසයේ 16 වැනිදා නිසයි. ඈ සිහිපත් කරලා පොසොන් පෝයදා පොල්පිති මූකලානේ පඤ්ඤාසිරි හිමි වඩම්මවලා බණක් කියනවා. 16 වැනිදා දානයක් දෙනවා.