වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

සිනමා ශාලාවේ හඬ පුඤ්ඤසෝම එපා කළා

පසුගිය දිනෙක මා ජාඇල ප්‍රදේශයේ ජනප්‍රියම සිනමා ශාලාවකට ගියේ කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටය නැරැඹීම සඳහාය. චිත්‍රපටය පටන් ගත් මොහොතේ සිට අවසානය දක්වා විශාල ශබ්දයක් නිකුත් කරමිනුයි චිත්‍රපටය තිරගත වූයේ. අප හරිම අපහසුවෙන් චිත්‍රපටය නැරැඹුවේ.

මේ බව එහි කළමනාකරුට දැනුම් දුන්න ද ඔහු එය ගණන් ගත්තේ නැත. මෙවැනි කි‍්‍රයාවක් තුළින් ප්‍රේක්ෂකයා අමාරුවේ දැමීමට මිනිස්සු ආත්මාර්ථකාමී වන්නේ මන්ද. අප මුදලක් ගෙවා චිත්‍රපටයක් නරඹන්න එන්නේ යම් වින්දනයක් ලබා ගැනීමටය.
 

පාලක සමන්

හැඳල

අල්විස්ටවුම

උරේෂාගේ ගී ගැයීම හැඟුම්බරයි

මෑත භාගයේ ගායන ශිල්පිණියන් අතර ජනතා ආකර්ශනය වැඩියෙන්ම දිනාගත් ගායන ශිල්පිණිය හැටියට මා දකින්නේ උරේෂා රවිහාරිය. ඇය ටෙලි සිතුවම් මෙන්ම සිනමාපටයන්හී ළයාන්විතව ගීත ගයනු ලබයි. ඉතා හැගුම්බරව සිත් ගන්නා අයුරින් ගී ගයන නිසා උරේෂා වටා රසික රසිකාවන් රොක් වන්නේ නිරායාසයෙනි.
 

එච්. ඉන්ද්‍රපාල

මුංහේන

පාට නියපොතු නිළියන් ටෙලි නාට්‍යයට විහිළුවක්

බණ්ඩාර දෙයියෝ ටෙලි නාට්‍යයට අදාල කතාව මීට අවුරුදු 80 – 100 ක් හෝ එපිට කාලයක් නියෝජනය කළ ද එහි රඟන එක්තරා නිළියකගේ නියපොතු විලාසිතාව අද කාලයේ එකක් බව මට පෙනේ. එලෙස පාට දෙකේ ඇගේ නියපොතු විලාසිතාව තබාගෙන ඇය එම නාට්‍යයෙහි රංගනයේ යෙදීම විහිළුවකි.
 

සුරේෂ් ගුණවර්ධන

ගල්කිස්ස

රන් තරුව දුලීකා

ටෙලි නාට්‍ය අම්බරයේ නවතම රන් තරුව දුලීකා මාරපන බව මා කියන්නේ අවිවාදයෙනි.
 

සුනිල් චන්ද්‍රසේකර

යාගොඩමුල්ල

කොටුගොඩ

කවීතා අඩු පාඩු හදා ගමු

දෙරන රූපවාහිනිය මඟින් විකාශය වූ කවීතා විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහජ කලා කුසලතාවයන් මතු කළ වැඩසටහනකි. විශ්ව විද්‍යාල සහ එම මණ්ඩපයන් නියෝජනය වන පරිදි ඉහළම කලා කුසලාතවයන් ඇති ප්‍රවීණයින් උපදේශකයන් ලෙස පත්කොට ඔවුන්ගේ මහන්සියෙන් ශිෂ්‍ය ප්‍රජාව කාලයක් ලද පුහුණුවෙන් කවීතා හරවත් සහ රසවත් විය.

විශ්ව විද්‍යාලවලට උතුරු නැගෙනහිර මණ්ඩප මෙවර වැඩසටහනට සහභාගී වී නැත. ඉදිරියේදී දමිල සහ මුස්ලිම් නියෝජනය ද එකතු කරගත යුතු වෙයි. මෙවර කවීතා වැඩසටහනෙහි අවමය පැවති දුබලතා සකස් කරගෙන 2015 මීටත් වඩා හොඳ වැඩසටහනක් කෙරෙනු ඇතැයි මම විශ්වාස කරමි.
 

එස්. කේ. ජයවර්ධන

වත්තේගම හිටපු කළාප

අධ්‍යාපන අධ්‍යක්ෂ

චන්ද්‍ර මණ්ඩප කාලෝචිතයි

ඉතා මෑතකදී ගුවන් විදුලි තරංග අතර එකතු වූ සිත් එෆ්. එම්. නාලිකාව මා නැවත ගුවන් විදුලිය වෙත සමීප කරවීමට සමත් වූ නාලිකාවයි. මෙතෙක් ශ්‍රවකයින් නොඇසූ ඉතා විනෝදාත්මක නවමු වැඩසටහන් පෙලකින් සුසැඳි ‘සිත්’ ශ්‍රවණ තත්ත්වය ද ඉතා උසස් මට්ටමක පවතියි. සතියේ දිනවල රාත්‍රී 9 - 11 දක්වා විකාශය වන චන්ද්‍ර මණ්ඩප වැඩසටහන කාලෝචිතය.
 

වසන්ත කේ. ප්‍රනාන්දු

කැලණිය

එකම නළු නිළියෝ හැම නිර්මාණයකටම එපා

ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවරුනි,
හැමදාම දකින කුකුළගෙ කරමලේ වගේ ඔබතුමන්ලාගේ නිර්මාණවලට එකම නළු නිළියන් ගන්න එපා. නිර්මාණයෙන් නිර්මාණයට නළු නිළියන් මාරු කරන්න. ඒ වගේම ඉන්දියාවේ නළු නිළියන් ද අපට අවශ්‍ය නැහැ. ඕනෑ තරම් නිළියෝ අපේ රටේ ඉන්නවා.
 

සී. පෙරේරා

හොරණ

සිසිල්ට සුබපැතුම්

සිසිල් ගුණසේකර චිත්‍රපටයක් නිපදවීම සතුටුදායක පුවතකි. සුවිශේෂී කරුණ නම් එම චිත්‍රපටය සඳහා ගීත ගායනය සඳහා ඔහුගේම දියණිය වන මාධ්‍යවේදිනී දිල්කා සමන්මලීව තෝරා ගැනීමය. සිසිල්ගේ සහ දිල්කාගේ අපේක්ෂාවන් සාර්ථක වේවා යැයි සතුටු සිතින් පතමි.
 

ආර්. එච්. එම්. ප්‍රේමසිරි

ගනේමුල්ල

S.M.S.

විපුල්ට නිවන් සුව ලැබේවා
 

වියානි ගුණවර්ධන

වෙන්නප්පුව

වසර ගණනාවක් ශ්‍රාවක හදට කතා කළ හදිසියේම අප අතරින් සමුගත් විපුල්ගේ හඬ අද නිහඬයි. නමුත් ඔහුගේ නාමය සදාකාලිකවම ශ්‍රාවක හදවත් තුළ රැඳී තියේවි.
 

ජෙසිකා

මීගමුව

විපුල්ගේ හදිසි වියෝව තවමත් අදහාගත නොහැකිය.
 

වික්‍රම

මිද්දෙණිය

කාංචනා මෙන්ඩිස් නංගියේ ඔයා ඉන්න ටෙලි නාට්‍ය දැන් හරිම අඩුයිනේ. විදෙස් ගත වුණායින් පසුව අපට ඔබව දකින්නටත් ලැබෙන එකක් නැහැ. ඔබ රූපවාහිනියේ නැති අඩුව පිරිමැසීමට කෙනෙකු නැත. කාංචනා කාංචනාම පමණි.
 

සුනිල් බී. වේහැල්ල

ගෝනපොළ

සනත් ගුණතිලකට සිසිල ගිනි ගනී, විරාගය, පාලම යට වැනි සිනමා සිතුවම්වල මා ඔබෙන් දුටු රංගන හැකියාවන් වෙන කිසිදු සිනමාපටයකින් මා අත් නොවින්ෙඳමු. ඔබ අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපටය වන ‘සිනහව අතරින්’ තුළින් ඒ රංගන ප්‍රතිභාව නැවත දකිනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි.
 

කරු මන්දාවල

නාත්තන්ඩිය

දෙරණ නාලිකාවෙන් මෙතෙක් විකාශය නොකළ වෙනස්ම අන්දමක ටෙලි නාට්‍යයක් විකාශය වෙනවා. ඒකෙ නම ගිනි අවි සහ ගිනි කෙළි. මා එය නරඹන්නේ ඉතාමත් ආශාවෙනි.
 

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය

ජින්ජර් අක්කටයි මේ කියන්නේ,
ඔයා ටිකක් සංවර වුණොත් හොඳයි කියලා මට හිතෙනවා. ඔයා ලස්සනයි, හැබැයි විලාසිතාවලට නම් නෙවෙයි ලස්සන. සාමාන්‍ය කෙනෙක් විදිහට ඉන්න කොටයි ලස්සන. විලාසිතා කළාම ඔයාව මට පෙනෙන්නේ සරුංගලයක් වගේ.
 

මධුශංඛ

කළුතර

සිරස සුපර් ස්ටාර් නිවේදනය කරන දසුන් මධුශාන් විනිසුරු මඬුල්ලට කතා කරන විදිහ නරකයි කියලා ‘සරසවිය’ ප්‍රතිචාර පිටුවේ තියෙනවා මං දැක්ක. එහෙම නෙවෙයි දසුන් ඔයා කතා කරන විදිය හරි. මොකද විනිසුරු මඬුල්ලේ ඉන්න ඇතැම් අයත් සුපර් ස්ටාර්වලින් ආපු අය. දසුනුත් දවසක එයාලගෙ වගකීම ඉටු කරයි. ඔයා විනිසුරු මඬුල්ලට එහෙම කතා කළාට කමක් නැහැ.
 

අප්සරා

මාතර

පුංචි තිරයේ ඕළු මල මංජුලා කුමාරි වරාමලී ටෙලි සිතුවම හරහා අප හමු වීම නෙතට මෙන්ම සිතට ද ප්‍රියජනකයි.
 

දිලිනි

මාතර

සමහර ටී වී චැනල්වල විනාඩි පහළොවෙන් පහළොවට වෙලාව පෙන්වනවා. අපි ආස කරන වැඩසටහනක් ආසාවෙන් බලා ඉන්න කොට ඒක කට් කරලා දැන් වෙලාව කියලා වෙලාව පවසනවා.

ඒ චැනල්වල ඉන්න අය හිතාගෙන ඇති අපේ ගෙවල්වල ඔරලෝසු නැහැ කියලා. මෙහෙම සැරින් සැරේ වෙලාව කියන එක හරිම හිසරදයක්. කරුණාකරලා එය නවත්වන්න යැයි මා ඉල්ලීමක් කරනවා.
 

ෆාතිමා

වැලිගම

පද්මසිරි කොඩිකාර මහත්තයෝ ඔයාගේ සදාදර ජෝති සිනමාපටය දැන්වත් තිරගත කරන්නකො.
 

පී. වයි. අනුලාවතී

අවිස්සාවේල්ල

භාග්‍යා ගුරුසිංහ අක්කිට තියෙන්නේ කා ළඟවත් නැති පුදුම හුරතල් හිනාවක් කියලා මට හිතෙනවා. එයා වගේම එයාගේ නැඟනියවත් ටෙලි ඩ්‍රාමාවලින් දකින්නට ආසයි.
 

මනු

බදුල්ල

කාංචනා මෙන්ඩිස් රට හැර යාම අපට මහත් වූ දුකකි. පුංචි තිරයේ අපේ ආදර කාංචනා නංගියේ ඔයා ආයෙත් එන්න කලා ලොවට. ඔබ නැති අඩුව අද නෙවෙයි මතුවටයි අපට දැනෙන්නේ.
 

වික්‍රම

මිද්දෙනිය

ගායිකා මංජුලා දිල්රුක්ෂිට,
මිහිරි කටහඬකින් අප පිනවන ඔබ මගේ ප්‍රියතම ගායිකාවය. තව තවත් නැවුම් නිර්මාණ තුළින් රසිකයින්ව පිනවන්න. නීල නයන නිල් ඉඳුවර ගීතය හරිම මනහරයි.
 

සුනිල් ශාන්ත

නාවලපිටිය

ප්‍රතිචාර
SMS
0752805047
තැපැල්පත් – ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ

වෙබ් අඩවිය -

www.sarasaviya.lk
Facebook.com/ Sarasaviya