වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




රසිකයන්ට තෑග්ගක්

රසිකයන්ට තෑග්ගක්

නාට්‍ය අධ්‍යක්ෂ අශෝක සෙනරත් මුදලිගේ

මම මේ දවස් ගත කරන්නේ සුවිශේෂ කටයුත්තක් සමඟින්. පසුගියදා නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ උපන් දිනය වෙනුවෙන් සිනෙ රූ තරු රූපවාහිනි නිර්මාණයේ මුද්‍රණ ග්‍රන්ථය පිරිනමමින් සිනමා සක්විති ගාමිණී – නිළි රැජන මාලිනී රසික හවුල ආරම්භ කළා.

එය මගේ ජීවිතයේ සුවිශේෂ කටයුත්තක්. ඉතින් මේ සතියට යෙදෙන මගේ උපන් දිනය වෙනුවෙන් එහි තවත් කටයුත්තක් සිදු කරන්නට නියමිතයි.

ගාමිණී – මාලිනී රසික හවුලේ සාමාජිකත්වය ලබන අය අතරෙන් කුසපත් ඇදීමෙන් තෝරා ගන්නා 15 දෙනෙකුට සිනේ රූ තරු නිර්මාණයේ ඩී. වී. ඩී. පහක් සහ මුද්‍රිත ග්‍රන්ථ පිටපත් 10 ක් ත්‍යාග ලෙසින් පිරිනමන්න මම බලාපොරොත්තු වෙනවා.

ඒ වෙනුවෙන් ඔබේ තොරතුරු අංක 63, මාදිවෙල පාර, උඩහමුල්ල, නුගේගොඩ ලිපිනයට තොරතුරු යොමු කරන්න පුළුවන්. වැඩිදුර තොරතුරු 0776530241 දුරකතන අංකයෙන් ලබා ගන්නත් පුළුවන් අතරම මේ රසික හවුලේ කිසිම සාමාජික මුදලක් අය කරන්නේ නැති බවත් විශේෂයෙන් කියන්න ඕනෑ.