වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




රිතික් ළඟ සුසේන් නැත

රිතික් ළඟ සුසේන් නැත

බන්ද්‍රා ආපන ශාලාවේ රිතික් සහ ඔහුගේ මාපියන් විශේෂ අමුත්තකු මුණ ගැසුණහ. අමුත්තා කීර්තිමත් අධ්‍යක්ෂවරයකු වූ රොබට් කෝහේන්ය. ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් (2001), එක්ස් එක්ස් එක්ස් (2002) වැනි සිනමාපටවල අධ්‍යක්ෂවරයා ඔහුය. පසුගිය මාස කිහිපයේම ඔහු රිතික් මුණ ගැසුණු අතර, මේ හමුවීමේ රහස රිතික් ඔහු සමඟ එක් වී ක්‍රියාදාම සිනමාපටයක් නිර්මාණය කිරීමට යාම බව කියවෙයි.

රිතික්, සුසේන්ගේ වෙන්වීම නිසා ජීවිතය බිඳ දමා ගන්නා නළුවෙක් නොවෙයි. පසුගියදා ඔහු, දරුවන් සමඟ ඩිස්නිලන්තයට ගොස් විනෝද විය. ඒ වාගේම ඔහු සුසේන්ගේ මාපියන් සමඟ ද සුපුරුදු පරිදි වරින් වර ගොස් කාලය ගත කරයි. එහෙත් ඒ කිසිදු අවස්ථාවක සුසේන් නම් ළඟ පාතකින්වත් සිටින්නේ නැත.