|
|
ලොව වැඩිම වේගයෙන් තනා තිරගත කළ චිත්‍රපටය ශ්‍රී ලංකාවෙන්මංගල ගමන ගිනස් පොතට
මෙහි තිර රචනයට ගත වී ඇති කාලය පැය 1 විනාඩි 35 කි. කොළඹ, වත්තල ඇතුළු දර්ශන තල අටක රූ ගැන්වුණ මංගල ගමන හි කැමරවට නඟාගත් දර්ශන එම මොහොතෙන්ම සංස්කරණය කොට තිබේ. චාමි සේනානායක, ශෙනාලි පෙරේරා, රෝහිත සමරවීර, ගාමිණී කොස්තා, නිශ්ශංක උදය කුමාර්, ගයාන් මාපලගම, ආශ්චර්යා සමරවීර, තුෂාරි වරාවැව, ශාන්ති පෙරේරා, ජේ. ඒ. අයි. එච්. පෙරේරා, එන්. පී. දයානන්ද, කුමාර නිරෝෂන් අපොන්සු, එම්. එස්. එම්. සෆ්රාස් මෙහි චරිත නිරූපණය කරයි. එස්. උදයසූරියන්ගේ සංස්කරණයකි. මේෂාන් හේවාපන්න අංග රචනා ශිල්පියාය. කලා අධ්‍යක්ෂණයෙන් ලක්ෂාන් හේවාපන්න දායක වී ඇත. කතාව, දෙබස්, තිර රචනය, කැමරාකරණය, නිෂ්පාදනය නන්දන හේවාපන්නගෙනි. නන්දන කලාවට පිවිසෙන්නේ වේදිකා නාට්‍යවලින්. අවසාන නොවේ, 71 කැරැල්ල, මතුගම සමන් කුමාර ඔහුගේ වේදිකා නිර්මාණ අතර වේ. මංගල ගමන නන්දනගේ මංගල චිත්‍රපටයයි. |



ලොව ඉතා ඉක්මනින් තිර නාටකය ලියමින් රූ ගැන්වා තිරගත කළ වෘතාන්ත චිත්‍රපටය නිපදවීමේ
ගිනස් වාර්තාව පසුගියදා නන්දන හේවාපන්න අධ්‍යක්ෂණය කළ මංගල ගමන නම් වූ චිත්‍රපටය
දිනා ගත්තේය. එය තිර රචනයේ සිට තිරගත කිරීම දක්වා ගත වූ කාලය පැය 72 මිනිත්තු 19 සහ
තත්පර 21 කි. ඒ අනුව ලොව අඩුම වේගයෙන් තැනූ චිත්‍රපටය වශයෙන් ගිනස් වාර්තාවට
හිමිකම් කියනුයේ මංගල ගමනයි.