වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




අමිතාබ්ගේ අලුත්ම ගායනය

අමිතාබ්ගේ අලුත්ම ගායනය

අමිතාබ්ගේ ගැඹුරු කටහඬ අවසන් වරට ගීතවත් වූයේ 2009 වසරේ ‘පා’ සිනමාපටයේයි. මෙගා තරුව මීළඟට සිය හඬ මුසු කරන්නේ ආර්. බල්කිගේ ඉදිරියට තිරගතවීමට නියමිත ‘ෂාම්තාබ්’ සිනමාපටයටයි. තවමත් ඔහු ගයන ගීතය කුමක්දැයි අනාවරණය වී නැත.

‘ෂාම්තාබ්’ හි රඟන්නේ දකුණු ඉන්දීය සුපිරි තරුව ධනුෂ් (රජිනි කාන්ත්ගේ බෑණා) සහ කමල් හසන්ගේ බාල දියණිය අක්ෂාරාය. ගායනය මෙගා තරුවට නුහුරු නුපුරුදු අත්දැකීමක් නොවෙයි. සිල්සිලා (රංග් බර්සේ), බග්භන් (මේයින් හායන් තූ වහාන්), ලවාරිස් (මෙරේ අංග්නේ මේයින්), බෝල් බච්චන් ඇන් කහානි (ඒක්ලා චලෝ රේ) සිනමාපටවල ද ඔහු ගී ගයා තිබේ.