වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




වසන්තයයි ඔබයි මමයි ඕස්ට්‍රේලියාවේ

වසන්තයයි ඔබයි මමයි ඕස්ට්‍රේලියාවේ

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකේය ගීත රචකයකු වන සමන් කුලරත්නගේ ගේය පද රචනා ඇතුළත් ‘වසන්තයයි ඔබයි මමයි’ සංයුක්ත තැටිය දොරට වැඩුම සහ සංගීත ප්‍රසංගය ආචාර්ය වික්ටර් රත්නායන්ගේ ප්‍රධානත්වයෙන් මෙම මස 14 දා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ කෙල්වොට්සන් ශාලාවේදී පැවැත්වෙයි. මේ ගී තැටියෙහි සියලුම ගීතයන්හී සංගීත අධ්‍යක්ෂණය ඉන්ද්‍රජිත් මිරිහානගෙන්ය. ආචාර්ය වික්ටර් රත්නායක, සංගීත නිපුන් සනත් නන්දසිරි, විශාරද නන්දා මාලිනී, සුනිල් එදිරිසිංහ, ටී. එම්. ජයරත්න, විශාරද එඩ්වඩ් ජයකොඩි, අමරසිරි පීරිස්, කරුණාරත්න දිවුල්ගනේ, ආචාර්ය දයාරත්න රණතුංග සහ විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, නිරෝෂා විරාජිනී, මරියසෙල් ගුණතිලක, දයාන් විතාරණ ඇතුළු ගායක ගායිකාවන් මේ ගී තැටිය සඳහා හඬ මුසු කර ඇත.