වර්ෂ 2014 ක්වූ ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා




දැන්වත් ඇයට යුක්තිය ඉටු කරන්න

දැන්වත් ඇයට යුක්තිය ඉටු කරන්න

ජියා ඛාන්, අහිංසක සමනලියගේ තටු කඩා දැමූ අපරාධකරුවා තවමත් නිදැල්ලේය. පසුගිය ජූනි මාසයේ ඇය ගෙල වැළලාගෙන මියගිය බවට සැක කළත් සත්‍ය එය නොවන බව මව, රඛියා ඛාන් පුන පුනා පවසන්නීය.

නව රජය ජියාට සාධාරණත්වයක් ඉටු කරනු ඇතියි රඛියා බලාපොරොත්තු වන්නීය. මිනීමරුවා දේශපාලන බලයෙන් නිදහස් වුවත්, මෙවරවත් වරදට සමාවක් නොලැබෙනු ඇති බවට ඇය තරයේ විශ්වාස කරන්නීය.