වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




කැස්සට කොස් ඇට

කැස්සට කොස් ඇට

ගායන ශිල්පී ලහිරු පෙරේරා

මම නම් මේ සතිය එනකල් හරිම ආසාවෙන් බලාගෙන හිටියේ බොහොම විවේකීව කාලය ගත කරන්න. සිංහල අලුත් අවුරුද්ද මගේ පවුලේ අයත් සමඟ බොහොම සතුටින් සමරන්න.

ඒ එක්කම කලා කටයුතුත් කිහිපයක් යෙදිලා තියෙනවා. අලුත් සිංදු කිහිපයක වැඩ කටයුතු යොදාගෙන තිබුණත් ප්‍රමුඛත්වයක් දීලා තියෙන්නේ ‘කැස්සට කොස් ඇට’ ගීතයේ විෂුවල් එකට තමයි.

එය මගේ අනෙකුත් ගීත අතර සුවිශේෂ වෙනවා වගේම මම දැනට වැඩිම වියදමක් දරා නිර්මාණය කරන වීඩියෝව වෙන්නෙත් මෙයයි. ඒ වගේම එය මේ අවුරුද්ද ඇතුළත අදරණිය රසික ඔබට තිළිණ කරන්නත් බලාපොරොත්තු වෙනවා.