වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




ශ්‍රී දේවි ඡන්ද වේදිකාවට

ශ්‍රී දේවි ඡන්ද වේදිකාවට

තරු දේශපාලනඥයන් වීමට ගන්නා උත්සාහය අසාර්ථක වුවත්, දේශපාලනඥයන් නම් බැබලීමේ උපක්‍රමයක් ලෙස තරු යොදා ගන්නේ දුරාතීතයේ සිටයි. එයට හොලිවුඩය, බොලිවුඩය කියා වෙනසක් නැත. ලොව දැවැන්තම මැතිවරණ ව්‍යාපාරයට මෙවර ද ආලෝකය කරගෙන ඇත්තේ තරු හා තාරකාවන්ය.

ලෝක් දාල් නායක අමර් සිං මෑතකදී මැතිවරණ ව්‍යාපාරයේ යෙදුණේ බොලිවුඩයේ පළමු සුපිරි තාරකාවගේ ආලෝකය ලබමිනි.

ඔහු ශ්‍රී දේවි සහ බොනී කපූර් සමඟ ඡන්ද ව්‍යාපාරයේ යෙදෙද්දී ජන ගංගා ගලාගෙන විත් තිබෙන්නේ ශ්‍රී දේවි දකින්නට සහ ඇයගේ කථාවලට සවන් දීමටයි.