|
මගේ පෙම්වතියට කේළම් කියලාධම්මික හේවාදුවත්ත
එහෙත් දැන් ඒ මායාවෙන් මිදී ශ්‍රී වික්‍රම රාජසිංහ නරේන්ද්‍රයන් රජ කළ එදවසත්, එයින් ඔබ්බට ගිය විජය කුවේණි යුගයත් අපට පසක් කරදෙන චිත්‍රපට සැදෙමින් පවතී.
මේ ක්ෂේත්‍රයට පිවිසුනු ආකාරය පැහැදිලි කරමින්ම,ධම්මික අපේ කතා බහ අරඹමු? මම පාසල් ගියේ අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලයට. කලා කටයුතු වලට සම්බන්ධ වෙන්නේ පාසල් අවදියේ සිටමයි.මම රචනා කරමින් රඟපෑ තීන්දුව දෙනතුරු පාසල් වේදිකා නාට්‍යය 2002 දී සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනුවා. ඉන් පසු මට අවස්ථාවක් ලැබුණා ජොසප් ජෙරම් මහත්තය සහාය අධ්‍යක්ෂණය කළ ගෞතමී මෙගා ටෙලියෙ සුළු චරිත කිහිපයක් රඟපාන්න. ඊට අමතරව ඔහු කලා අධ්‍යක්ෂණය පැත්තත් බැලුවා, ඒ කටයුතුවලට සහයෝගය දෙන්නත් මට අවස්ථාව ලැබුණා.මේ ක්ෂේත්‍රයට එන්න තියෙන අවශ්‍යතාව නිසා රඟපෑම තෝරා ගත්තත් ඉන් පසුව මම වඩාත් ප්‍රිය කරන කලා අධ්‍යක්ෂණය පැත්තට යොමු වුණා.
කලා අධ්‍යක්ෂණයට යොමුවෙන්න ඔබට තිබුණු සුදුසු කම් මොනවද? චිත්‍ර, කැටයම් ,මූර්ති වැනි කලාවන් සඳහා සහජ හැකියාවක් මා තුළ තිබුණා. නමුත් මම එකවර කලා අධ්‍යක්ෂණයට යොමු වුණු කෙනෙක් නොවෙයි. මේ ක්ෂේත්‍රයෙ මගෙ ගුරුවරයා සුමිත් හිරාන් මහත්තයයි. එතුමා සමඟ ටෙලි නාට්‍ය හයක සහාය කලා අධ්‍යක්ෂ ලෙස කටයුතු කලා. එයින් ලැබුණු පන්නරයත් මගේ හැකියාවත් නිසා අද කලා අධ්‍යක්ෂණය පැත්තට යොමු වුණා. මේ කටයුතු සාර්ථක කරගන්නට මගේ කණ්ඩායමේ 26 දෙනෙකු පමණ සිටිනවා.
ඔබ තනිව, මේ බාර දූර කටයුත්තට අතගැසු පළමු ටෙලිය හා චිත්‍රපට පිළිබඳ යමක් කියමු? සුමිත් කුමාර අධ්‍යක්ෂණය කළ මායා මන්ත්‍රී ටෙලියෙන් තමයි ආරම්භ කළේ . දැනට ටෙලි නාට්‍ය15 ක පමණ වැඩ කළා. චිත්‍රපට කිව්වොත් අඟර දඟර, විජේ කුවේණි, වරිග පොජ්ජ, දැනට තිරගත වී අවසන්. ඇහැලේපොළ කුමාරි හාමි දැනට වැඩ කටයුතු අවසන් කරමින් සිටිනවා. මීට අමතරව චිත්‍රපටයක් හා ටෙලි නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා.
මේ කතා පුවත දැනට වසර 200 කට එහා ගිය එකක්. එදා දවස පිළිබඳ තොරතුරු සොයා චිත්‍රපටයේ පිටපතට අනුව, චිත්‍රපටයට අවශ්‍ය සියලු පසුතල නිර්මාණය, ආයුධ, ඇඳුම්,පෞරාණික ගෘහ භාණ්ඩ පිළිබඳ අධ්‍යයනය කර නිර්මාණය කිරීමයි. මෙහිදී මම පළමුව කළේ නිර්මාණය කරන්න යන දේ චිත්‍රයට නගා අධ්‍යක්ෂ සුගත් සමරකොන් මහතාට සහ නිෂ්පාදක ගයාන් රණධීර මහත්වරුන් ගේ අධීක්ෂණයට යොමු කිරීමයි. ඉන් පසුවයි අප කණ්ඩායම මේ සියලු දෑ නිර්මාණය කරන්නේ. මේ චිත්‍රපටයේ තිබෙන්නේ සියයට 90 ක් මගේම නිර්මාණයි. ඊට අමතර ඇන්ටික් බඩු කිහිපයක් ගන්න සිදුවුණා.
ඔබ වැඩ කළ අධ්‍යක්ෂක වරුන්ගෙන් වඩා කැමති කාටද ? ඒ ඇයි? නාලන් මෙන්ඩිස්, සුගත් සමරකෝන්, තුෂාරි අබේසේකර, තුෂාර තෙන්නකෝන්, නලින් රාජපක්ෂ යන මහත්ම මහත්මීන්ට. මේ අය සමඟ පැහැදිලිව කතා බහ කරලා වැඩකරන්න පුලුවන්. අපිව කුලීකරුවන් කියලා හිතන් නැතිව අප සමඟ හොද මිතු දමකින් වැඩ කරනවා.
ධම්මික, මේ ආ ගමන් මගේ අමතක නොවන සිදුවීමක් ගැන කියමු? විජේ කුවේණි චිත්‍රපටයෙ වැඩ කරන කාලේ එයට සම්බන්ධ වෙලා වැඩ කළ ගැනු ළමයෙක් එක්ක සම්බන්ධයක් ඇතිවුණා. මේක යෝජනාවක් කිව්වොත් නිවැරදියි. මේ සම්බන්ධය විවාහය දක්වා යන්නට සැමගෙන් ආශිර්වාදයත් ලැබුණා. නමුත් අප සමඟම එකට වැඩ කළ අයෙක්ම බොරු කේලම් කියලා අපව විරසක කළා. මේ සිදුවීම මට කවදාවත් අමතක වෙන එකක් නැහැ. මේක දිග කතාවක්. කෙටියෙන් කිව්වේ.
ඔබ ආ ගමන ආපසු හැරී බැලුවොත්? ඇත්තටම සතුටුයි. මම අද යම් ස්ථාවරයක් ගොඩ නගාගෙන තිබෙනවා. මට අද මේ තත්ත්වයට එන්නට අතදුන් ගුරුවරුන්ට, මගේ දෙමාපියන් ඇතුළු සියලු මිත්‍රයන්ට, මාත් සමඟ එකට වැඩ කරන සැමට ස්තූති කරන්නට ද මෙය අවස්ථාවක් කරගන්නවා.
|