වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




රයිගම් ටෙලීස් ජූනි මාසයේ

රයිගම් ටෙලීස් ජූනි මාසයේ

දසවැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙල එළඹෙන ජූනි මස හයවැනි දා සවස බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

වසරේ ජනපි‍්‍රයතම ටෙලි නාට්‍ය, නළුවා සහ නිළිය ඇතුළු සම්මාන පනස් හතකින් උළෙල සමන්විත වන අතර මෙවර එහි විනිශ්චය මණ්ඩලය ලෙස මහාචාර්ය පැට්‍රික් රත්නායක ප්‍රමුඛ මහාචාර්ය අජන්තා හපුආරච්චි, මහාචාර්ය එස්. ජේ. යෝගරාජ්, ගුණසිරි සිල්වා, බුද්ධදාස ගලප්පත්ති, ජයන්තා රුක්මනී සිරිවර්ධන, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හංසමාලා රිටිගහපොළ, ආචාර්ය ආර්, බී. දසනායක යන අය කටයුතු කරනු ලබයි. - ප්‍රසාද්