වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




ඔය ඇස් දිහා බලන් සමඟ පැමිණි ඉන්දික

ඔය ඇස් දිහා බලන් සමඟ පැමිණි ඉන්දික

ඉන්දික වීරසිංහ ගායන ක්ෂේත්‍රයේ යොවුන් ගායන ශිල්පියෙක්. පාසල් කාලයේ පටන් සංගීතයට විශේෂ ලැදියාවක් දැක් වූ ඔහු ඒ පිළිබඳව වැඩිදුර යොමු වන්නේ 2000 වසරේදී. ඒ ජාතික තරුණ සේවා සභාවෙන්. ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්නයන් යටතේ ගුරුහරුකම් ලබමින් සංගීතය හැදෑරූ ඉන්දික සිය කුළුඳුල් ගීතය ‘සඳ ඉකි බිඳියි’ එළි දක්වන්නේ 2004 වසරේදියි.

ඔය ඇස් දිහා බලන්

ඔබ කී කතා අසන්

මං තනි වෙලා සිතින්

ඔබ වෙන් වෙලා මගෙන් . . .

මේ දිනවල ගුවන් විදුලි නාලිකා මෙන්ම අන්තර්ජාලය ඔස්සේත් අසන්න ලැබෙන මේ ගීතය ඉන්දිකගේ අලුත්ම ගීතයයි. ඔහු මේ වන විටත් ‘ඔය ඇස් දිහා’, ‘සඳ ඉකි බිඳියි’ ගීත වලට අමතරව ‘මලක රුවක්’, ‘නිල් දෙනෙතේ’, ‘එළකිරි කොල්ලා’ නමින් ගීත එළි දක්වා අවසන්. මේ ගීත අතර අලුත්ම ගීතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙන බවයි ඉන්දික සරසවියට පැවැසුවේ. ඒ වගේම ‘ඔය ඇස් දිහා’ ගීතය රිගින් ටෝන් සඳහාත් ඇතුළත් කරලයි තියෙන්නේ.

රසිකයන් අතරට යන්න පුළුවන් අර්ථවත් ගීත ආදරණීය රසික රසිකාවන්ට තිළිණ කිරීම තමයි ඉන්දිකගේ බලාපොරොත්තුව. පෞද්ගලික ආයතනයක ප්‍රාදේශීය අලෙවි කළමණාකරුවෙකු ලෙස සේවය කරන ඔහු හැකි සෑම වේලාවක්ම ප්‍රසංග වේදිකාව වෙනුවෙනුත් වෙන් කරනවා.

ළඟදීම සිය ගීත එකතුවක් එළි දක්වන්න බලාපොරොත්තු වෙන ඉන්දික මේ දක්වා පැමිණි සිය සංගීත චාරිකාවට දිරිය දුන් සංගීතඥ නවරත්න ගමගේ, ජයසිරි අමරසේකර, චානක සේනාධීර ඇතුළු හැම දෙනෙක්ම කෘතඥ පූර්වකව සිහි කර සිටියි.