වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහයා බණ්ඩාරගම අවට

සිංහයා බණ්ඩාරගම අවට

සුනිල් ටී. ප්‍රනාන්දුගේ අභිමානවත් හැටවන නිෂ්පාදනය ‘සිංහයා’ සිනමාපටයේ රූගත කිරීම් මේ දිනවලදී කොළඹ මොරොන්තුඩුව, බණ්ඩාරගම ආදී ප්‍රදේශයන්හී රූ ගැන්වෙයි. රන්ජන් රාමනායක ප්‍රධාන චරිතය මවන මෙහි සනත් ගුණතිලක, පාලිත සිල්වා, දුලීකා මාරපන, ආනන්ද වික්‍රමගේ, මහේෂි මධුසංඛා, ගයාත්‍රි ඩයස්, කපිල සිගේරා, උදේණි අල්විස්, අනුර වරාගොඩ , හේමන්ත ඊරියගම සෙසු පිරිවරය. එමෙන්ම ළමා නළු නිළියන් රැසක් සිංහයා රංගනයෙන් හැඩ ගන්වති.

සිංහයා වී. සිවදාසන්ගේ අධ්‍යක්ෂණයකි. කීර්ති රුවන් ලාල්සන් සම අධ්‍යක්ෂවරයාය. සුජිත් නිශාන්ත කැමරා අධ්‍යක්ෂණනේ ද, මනෝජ් ලක්සිරි අංග රචනයෙන් ද, සෝමපාල ලීලානන්ද සංගීත අධ්‍යක්ෂණයෙන් ද සිංහයා සඳහා එක් වෙයි. චාමින්ද වාස් කලා අධ්‍යක්ෂවරයාය. සුනිල් ධර්මසිරිගේ රේඛීය නිෂ්පාදනයකි. බර්නාඩ් ජයතුංග කතා රචකයාය. සේන ලියනගේ සහ සුනිල් ධර්මසිරි ගීත රචකයෝය.