මහනුවර ජනපති මැදුරේදී සෙංකඩගල රාජසිංහ වැඩ අරඹයි
මහනුවර ජනපති මැදුරේදී
සෙංකඩගල රාජසිංහ වැඩ අරඹයි
ලක් ඉතිහාසයේ සහ ලක් රාජාවලියේ ඉතාම තීරණාත්මක අවදියක් වූ වර්ෂ 1798 – 1815 යන
කාලවකවානුව තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වය සංකේතවත් කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ
පාලන සමයේ සිදු වූ සුවිශේෂ සිදුවීම් අළලා සුදත් රෝහණ තිරයට ගෙන ඒමට නියමිත සෙංකඩගල
රාජසිංහ සිනමා කෘතියෙහි මූලික වැඩ කටයුතු හෙට සවස මහනුවර ජනපති මැදුරේ පැවැත්වෙන
මුහුරත් උළෙලකින් පසුව ආරම්භ වේ.

ආචාර්ය තිස්ස අබේසේකරයන් කලකට ඉහතදී තිර පිටපත
සකස් කෙරූ මෙය සුදත්ගේ දෙවැනි සිනමා නිර්මාණයයි.
ප්‍රවීණ මෙන්ම නව පරපුරෙහි නළු නිළියන් රැසක් රංගනයේ යෙදෙන මෙහි සංගීත අධ්‍යක්ෂණය
රෝහණ වීරසිංහගෙනි. අශෝක ආතවුදහෙට්ටි සහාය අධ්‍යක්ෂවරයාය.
චන්න දේශප්‍රිය කැමරාව
මෙහෙයවයි.
- ප්‍රසාද්
|