දළදා වන්දනාවේ
දළදා වන්දනාවේ
ගායන ශිල්පී
විජය සිරිවර්ධන පොළොන්ඕවිට
ඉදිරි සතිය අලුත් අවුරුදු සතිය නිසා ලැබෙන නිවාඩුවත් සමඟින් විවේකීව ගත කරන්න
බලාපොරොත්තු වෙනවා. අලුත් අවුරුදු චාරිත්‍රත් සමඟින් මහනුවර ගිහින් දළදා වහන්සේ වැඳ
පුදාගෙන එන්න ලොකු බලාපොරොත්තුවකින් මමයි බිරිඳයි ඉන්නේ. දහනම වැනිදා මගේ උපන්
දිනයත් යෙදෙන නිසා එදාට කිරිබතක් පිසලා පන්සලට ගිහින් බෝධි පූජාවකුත් පවත්වන්නට
බලාපොරොත්තුª වෙනවා. දැනට ටික කලකට ඉහතදී මගේ ගීත එකතුවකින් යුතු උණ පඳුරක මල්
පිපිලා සංයුක්ත තැටිය එළි දැක්වූවා. ඒ හැරුණාම රාජකාරී කටයුතු සමඟින් කාලය ගත
කරනවා. මම බෞද්ධයෙක් විදියට ආගමානුකූලව සරළ සැහැල්ලු ජීවිතයක් ගත කරමින් බොහොම
සතුටින් ජීවත් වෙන්නේ.
|