වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




දූවිලි මල් ළඟදී පිපේ

දූවිලි මල් ළඟදී පිපේ

ආර්. කේ. අලුත් වීදිය අධ්‍යක්ණය කරන නවතම ටෙලි සිතුවම දූවිලි මල් හි මුහුරත් උළෙල පසුගියදා නුගේගොඩ ඩෙවෝන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ.

ලලිත් ස්වර්ණනායක නිෂ්පාදනය කරන මෙහි සිරිල් වික්‍රමගේ, විමල් කුමාර ද කොස්තා, නදීකා ගුණසේකර, විශාකා සිරිවර්ධන, සරත් කොතලාවල, නිරෝෂන් විජේසිංහ, ශලනි තාරකා, අකිල සඳකැළුම්, තිසුරි යුවනිකා, ශාලිකා එදිරිසිංහ, අරවින්ද දොඹගහවත්ත, ෂර්ලි ජයසිංහ, රනිල් කුලසිංහ, පුබ්‍රද්ධ සම්පත් ෆර්ඩිනැන්ඩස්, කවීෂා අයේෂානි, සමන්ත කුමාර ගමගේ, සෝමවීර ගමගේ, සහන් හේවාදේව, තිලකා රණසිංහ, නිමාෂා රුවන්මලී, චන්ද්‍රා අරුමාවඩු, සුජීව උඩවත්ත, රවිඳු දසනායක, කෝකිල සෙනෙවිරත්න, ඉන්දික ධර්මතිලක, ධනංජය රාජපක්ෂ, ශානිකා නිරෝෂනී ඇතුළු පිරිස චරිත මවති.

චමින්ද උඩවෙල සහාය අධ්‍යක්ෂවරයාය. තුසිත අනුරාධගේ කැමරා අධ්‍යක්ෂණයකි. නලින් ප්‍රේමතිලක අංග රචනයෙන්ද, සමීර ප්‍රසාද් ප්‍රනාන්දු කලා අධ්‍යක්ෂණයෙන් ද, නවරත්න ගමගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ද, විරංග කැටපෙආරච්චි සංස්කරණයෙන් ද දූවිලි මල් සඳහා දායක වෙති. කාර්මික උපකරණ සැපයීම ආර්. එස්. වීඩියෝ වෙනුවෙන් රුවිර ලියනආරච්චිගෙනි.