චරිත තුනක් එකවර රඟමින් මයි නේම් ඊස් බන්දු තිරයට
චරිත තුනක් එකවර රඟමින්
මයි නේම් ඊස් බන්දු තිරයට

හාස්‍යෝත්පාදක රංගනයෙන් රටක් නැළ වූ බන්දු සමරසිංහ පළමුවරට ත්‍රිත්ව චරිත මැවීමට
සූදානම් වෙයි. ඒ මයි නේම් ඊස් බන්දු සිනමාපටයෙනි. සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කරන
මයි නේම් ඊස් බන්දු හි බන්දු එකිනෙකට වෙනස් චරිත තුනක් රඟපෑමට නියමිතය. ඒ මුහුරත්
උළෙල පසුගියද ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්විණ.
සංගීතා ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමක් වන මෙහි බන්දු සමඟ රෝයි ද සිල්වා, රොඩ්නි
වර්ණකුල, හේමන්ත ඊරියගම, ආරියසේන ගමගේ, ප්‍රේමදාස විතානගේ, ඩී. බී. ගංගොඩතැන්න,
මාක් සැම්සන්, රොනී ලීච්, දෙනුවන් සේනාධි, මොහාන් හෙට්ටිආරච්චි, උපාලි කීර්තිසේන,
ලෝචනා ඉමාෂි, විශ්ව ලංකා, රශ්මි වීරක්කොඩි ඇතුළු පිරිස රංගනයෙන් දායක වෙති.
ප්‍රවීණ් ජයරත්න සංස්කරණයෙන් ද, සමන් පද්මකුමාර කලා අධ්‍යක්ෂණයෙන් ද, නිම්ශාන්
වීරක්කොඩි සහාය අධ්‍යක්ෂණයෙන් ද මේ සඳහා එක්වෙති. සරත් ද අල්විස්ගේ සංගීත
අධ්‍යක්ෂණයකි. සුරේන්ද්‍ර ප්‍රතාප් ඇඳුම් නිර්මාණයෙන් ද, චාමර නිරෝෂන් අංග රචනයෙන්
ද දායක වෙති.
සුරේඛ ප්‍රසාද් සහ සමන්ත රංග මායාදුන්නේගේ නිෂ්පාදන කළමනාකරණයකි.
ප්‍රසාද්
|