|
නදීකා ඔයා තවමත්
මුදිත ලතා වගේ
නදීකා ගුණසේකර
යසෝමා‘මගේ සිනමා ජීවිතයේ යසෝමාට මම හරි කැමැතියි. යසෝමාට කැමැති වෙන්න ගොඩක් හේතු තියෙනවා. ගැහැනියක් විදියට ඇය සිය පවුල් සංස්ථාව තුළ තම සැමියා රැක ගන්න වන වෙහෙසීම විශේෂයෙන්ම කතා කළ යුතු වෙනවා.
සැමියා වෙනුවෙන් ඇය ඉදිරිපත් වීම ලාංකේය සමාජය තුළ
ඒ ඔස්සේ මතුවන සිදුවීම් දාමයක් ඔස්සේ යසෝමාගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වෙන්නේ සැමියා වෙනුවෙන් ඇය ගන්නා පියවර හේතුවෙන්. එසේ වුවත් එහිදී ඇයට සැමියා පමණක් නොව සිය පවුල ද අහිමි කර ගන්නට සිදු වෙනවා. ඇත්තටම මෙය එදා පමණක් නොව වර්තමාන සමාජය තුළත් අපට දකින්නට හැකි වෙනවා. එවැනි වූ සිදුවීම් අද අපට කොතෙකුත් නම් අසන්නට ලැබෙනවාද? එසේ වුවත් එම චරිත තුළත් යසෝමාට මෙන් වූ විවිධ හේතූන් බලපාන්නට ඇතැයි ඇතැම් විට මට හිතෙනවා. ඒ වගේම එහිදී මොහාන් නියාස්ගේ අධ්‍යක්ෂණය තුළ මා සමඟින් රවීන්ද්‍ර රන්දෙණිය සහ ලකී ඩයස් ප්‍රබල රංගනයක යෙදුණා. එහිදී මා නිරූපණය කළ යසෝමා චරිතය සාර්ථක වන්නට රවී – ලකී දෙපොළගෙන් ලද සහාය විශේෂයෙන් සිහිපත් කළ යුතුයි.
චංචල රේඛා - දං චූටි
එහි පවුල තුළ තිබෙන සුන්දරත්වය කෙළි දෙළෙන් ගත කරන යෞවනය ළෙංගතු බව මම හැමදාමත් අගය කරනවා. ඒ වගේමයි සේන සමරසිංහ මහතාගේ අධ්‍යක්ෂණය යටතේ ගාමිණී ෆොන්සේකා වැනි ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකු සමඟින් රංගනයට වරම් ලැබීමත් මා ලද සුවිශේෂ භාග්‍යයක්. එදා මා ආධුනික රංගන ශිල්පිනියක ලෙසින් ලද ඒ අත්දැකීම මගේ සිනමා ජීවිතයේත් සුවිශේෂ සන්ධිස්ථානයක්. එහි ප්‍රවීණයන්ගේ සහයෙන් මෙන්ම ලද උපදෙස්වලින් මගේ රංගනය තව තවත් ඔපමට්ටම් වුණා කිව්වොත් වඩා නිවැරැදියි.
යහළු යෙහෙළි - මුදිතලතා
ඒ වගේමයි කරුණාසේන ජයලත්ගේ නවකතාවක් ඇසුරින් ආචාර්ය සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ යහළු යෙහෙළි චිත්‍රපටයේ චරිතයත් මට ඉතාම සුවිශේෂයි. එහි මුදිතලතා ලෙසින් මා කළ රංගනය පිළිබඳ මගේ හිතේ තිබෙන්නේත් සියුම් ආඩම්බරයක්. ඇය අසාධාරණයට එරෙහිව නැගී සිටීම මා ඉතා ඉහළින් අගය කරන්නට කැමැතියි. පවුලේ සහෝදර සහෝදරියන්ට මැදිව ග්‍රාමීය පරිසරයක හැදෙන වැඩෙන මුදිතලතා අසාධාරණයට එරෙහිව නැගී සිටීමේදී කා හටත් පොදු ලෙස සැලකීම ඒ සුවිශේෂත්වයට හේතුවයි. ග්‍රාමීය සමාජයේ ඉහළ තලයක ජීවත් වුණත් සිය සමාජ මට්ටමෙන් ඔබ්බට ගොස් සාමාන්‍ය ලෙස සිතන පතන මේ යෞවනිය මගේ හිතේ දැඩි ලෙස තැන්පත් වූ චරිතයක් බවට පත් වුණා. අසාධාරණයට එරෙහිව නැගී සිටීමේදී මුදිතලතා තම පියාට පවා වෙනසක් නොකර සිිටීම ඇයගේ චරිතයේ සුවිශේෂත්වයයි. එදා මම මුදිතලතා ගේ චරිතය තුළ කොතෙක් නම් දුරට ජීවත් වුණාදැයි කිවහොත් යහළු යෙහෙළි රූගත කිරීම් අවසාන වුණත් සුමිත්‍රා පීරිස් මහත්මිය විහිළු කරනවා ‘නදීකා ඔයා තවමත් ඉන්නෙ මුදිතලතා වගේ’ කියලා. ඇත්තටම මම ඒ තරමටම මුදිතලතාගේ චරිතය තුළ ජීවත් වුණා. ජනාධිපති සම්මාන උළෙලේදී එම චරිතය සම්මානනීය වීමත් මට විශාල සතුටක් ගෙන එනවා.
රන්සළු
රන්සළු චිත්‍රපටය මට නම් කොතෙකුත් නැරැඹුවත් කිසිදා එපා නොවන නිර්මාණයක් ලෙස මා දකිනවා. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා මනා සංයමයෙන් එහි චරිත ගෙන ආ ආකාරය එයට හේතුª වන්නට ඇතැයි මා සිතුවා. එමෙන්ම එහිදී පුණ්‍යා හීන්දෙණිය සුජාතා ලෙසත් අනුලා කරුණාතිලක සරෝජිනි පෙරේරා ලෙසත් කළ රංගනයේ ප්‍රබලත්වය එම නිර්මාණයේ අගය තව තවත් තීව්‍ර කරන්න බලපෑවා. ඒ චරිත අදටත් මගේ සිත තුළ ප්‍රබල අන්දමෙන් රැඳී සිටින්න එයත් හේතුවක් වෙන්න ඇතැයි මා තරයේ විශ්වාස කරනවා.
බැද්දේගම – හින්නිහාමි
එසේම බැද්දේගම චිත්‍රපටයෙන් තිරයට පැමිණි සිළිඳු, පුංචි මැණිකා, හින්නිහාමි වගේම බබුන්ගේ චරිත මා සිත්ගත් චරිත අතරට එක් වන සුවිශේෂ චරිත විදියට මා දකිනවා. එදා තිබු සමාජ පසුතලයේ ඔවුන් මුහුණ දුන් අභියෝග ඔස්සේ සිනමාවට නැඟීමේදී එම චරිත ගලා ගිය ආකාරය මේ සුවිශේෂත්වයේ හේතුවයි. කෘතියක අපට රිසි සේ චරිතයන්ට ගලා යාමට ඉඩ තැබිය හැකි වුව ද සිනමා නිර්මාණයක් තුළ දී එය පැය කිහිපයකට සීමා කිරීමත් විශාල අභියෝගයක්. එදා ජෝ අබේවික්‍රමයන් සිළිඳු ලෙසත්, මාලිනී ෆොන්සේකා පුංචි මැණිකා ලෙසත් විජය කුමාරණතුංග බබුන් ලෙසත් මම හින්නිහාමි ලෙසත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අධ්‍යක්ෂණය තුළ එම අභියෝගය ජයග්‍රහණය කළා යැයි මා සිතනවා. එහි සාර්ථකත්වයට ජනාධිපති සම්මාන උළෙලේදී මා ලද හොඳම සහාය නිළිය සම්මානය කදිම නිදසුනක්. එමෙන්ම එහි වටපිටාව සංගීතය මට හින්නි හාමිගේ චරිතය තුළ ජීවත් වෙන්නට වූ බලපෑම වර්ධනය කළා.
තුෂාරා
එහි සංගීතයත් එම ආසාව තව තවත් වර්ධනය කරන්නට බෙහෙවින් ඉවහල් වෙලා තියෙනවා. එදා සිනමා ශාලාවේදී මම තුෂාරා - සම්පත් නම් වූ මේ ආදරණීය යුවළ දෙස බලාගෙන හිටියේ ගොඩාක් ආසාවෙන්. මාලිනී ෆොන්සේකා සමඟින් විජය කුමාරණතුංගගේ ඒ ප්‍රේමාන්විත රංගනය එදා නරඹන විට මා සිනමාව පිළිබඳ කිසිදු දැනුමක් ලබා නොතිබුණු බව නම් විශ්වාසයි. එසේ වුවත් ඒ රංගනයේ මතකය වසර ගණනාවක් පුරාවට රැගෙන එන්නට සමත් වෙලා තියෙනවා.
ඇත්තටම තුෂාරා - සම්පත් කියන්නේ මා මෙතෙක් දුටු ලස්සනම පෙම්වතුන් යුවළයි.
මාලිනී සහ විජයගේ ඒ රංගනය
චායා - සෙල්ලිමීළඟට මගේ මතකයට නැෙඟන්නේ දයා විමලවීර අධ්‍යක්ෂණය කළ ‘චායා’ චිත්‍රපටයයි. එය සෞන්දර්ය සමඟින් මියුරු සංගීතය මුසුව ගලා ගිය අපූරුතම සිනමා නිර්මාණයක් ලෙසින් මා දකිනවා. එහි මා නිරූපණය කළ සෙල්ලි නම් වැදි චරිතය වගේම චායා ලෙසින් සබීතා පෙරේරා කළ රංගනයත් ඉතා සුවිශේෂ අයුරින් මා මනසේ තැන්පත්ව තිබෙනවා. චායාගේ චරිතය සබීතා පෙරේරා නම් රංගන ශිල්පිනියගේ සුන්දරත්වය මනාව ඉස්මතු වූ චරිතයක් ලෙසත් මා දකිනවා. සබීතා රඟපෑ අනෙකුත් වානිජ චිත්‍රපට අතර චායා චිත්‍රපටය සුවිශේෂත්වයක් ගෙන තිබෙන බවත් කියන්නට පුළුවන්. ඒ වගේමයි එහි සංගීතයත් ප්‍රේක්ෂකයා ඒ වෙත නතුකර ගන්නට සමත් වූ මිහිරිතම සංගීතයක්. තවත් විශේෂ කරුණක් වෙන්නේ ප්‍රේක්ෂකයා අවසානයක් ගැන සිතද්දී අධ්‍යක්ෂවරයා විසින් මෙහි අවසානය වෙනස්ම මඟකට යොමු කරලීමයි. එපමණක්ම නොව සරසවිය සහ ජනාධිපති සම්මාන උළෙල දෙකෙහිදීම මා හොඳම සහාය නිළිය ලෙස සම්මානනීය කරවීමට සෙල්ලි නම් චරිතය ප්‍රබල වීම ගැනත් මගේ හිතේ තියෙන්නේ නිහතමානී සතුටක්.
|