ඔබ නැතුව ඔබ එක්ක අමෙරිකාවේ උත්සව තුනක
ඔබ නැතුව ඔබ එක්ක
අමෙරිකාවේ
උත්සව තුනක

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කල ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටය අමෙරිකා එක්සත්
ජනපදයේ චිත්‍රපට උළෙල තුනක තිරගත කිරීම සඳහා ආරාධනා ලැබී ඇත.
ඒ අනුව ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටය අපේ‍්‍රල් 18 වැනිදා කැලිෆෝනියාවේ අන්තර්
ජාතික ටිබුරෝන් චිත්‍රපට උළෙල, අප්‍රේල් 25 වැනිදා සිට මැයි 02 වැනිදා දක්වා
පෙන්සිල්්වේනියාවේ පැවැත්වෙන පිට්ස්බර්ග් සිල්ක්ස්ක්‍රීන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල
සහ මැයි 05 වැනිදා සිට 10 වැනිදා තෙක් පැවැත්වෙන නිව්යෝර්ක් ඉන්දීය චිත්‍රපට උළෙලත්
නියෝජනය කිරීමට නියමිතය.
ඉන්දීය අන්තර් ජාතික සිනමා උළෙලේදී හොඳම නිළිය සම්මානය ඇතුළු සම්මාන රැසක් දිනූ ‘ඔබ
නැතුව ඔබ එක්ක’ චිත්‍රපටය මොන්ට්‍රියල්, වැන්කුවර්, සැන්ෆ‍්‍රැන්සිස්කෝ, චිකාගෝ
ඇතුළු ජාත්‍යන්තර චිත්‍රපට උළෙල රැසක් නියෝජනය කර තිබේ.
- යතේජා
|