වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරණීය කතාවක

ආදරණීය කතාවක

සහාය අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත

මේ සතිය මට නම් ගොඩක් සුවිශේෂ සතියක්. සිංහල අලුත් අවුරුද්ද වගේම මගේ උපන් දිනයත් යෙදී තිබීම එයට හේතුª වෙනවා. අවුරුද්දට මගේ දරුවෝ දෙන්නයි බිරිඳයි සමඟ අම්මා බලන්න ගමේ යනවා.

එහිදී බොහොම විවේකීව පැරැණි මිතුරන් හමු වී විනෝදයෙන් කාලය ගත කරන්න හරිම ආසාවෙන් ඉන්නේ. ඊට පසුව ආයෙමත් සුපුරුදු කලා කටයුතු සමඟ කාර්යබහුල වෙන්න නියමිතයි.

ඒ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන ‘ආදරණීය කතාවක්’ චිත්‍රපටයේ වැඩ කටයුතු නිසා. ඉදිරි සතිය තුළ එහි ෂූටින් ආරම්භ කරන්න සුදානම් කරගෙන තියෙනවා. ප්‍රියන්තයි මමයි චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ වසර විසි පහකට පසුව වීමත් එහි සුවිශේෂත්වයක්.