වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරණීය කතාවකට ප්‍රියන්ත කොළඹගේ මුල පුරයි

ආදරණීය කතාවකට ප්‍රියන්ත කොළඹගේ මුල පුරයි

අරුමෝසම් වැහි සිනමාපටය නිර්මාණය කොට වසර දහ හතරකට පසු ප්‍රියන්ත කොළඹගේ සිය නවතම සිනමා කෘතියට මේ දිනවල සූදානම් වෙයි. දැනට ආදරණීය කතාවක් යනුවෙන් නම තබා ඇති මෙය චරිත හතරක් වටා ගෙතෙන සංගීතමය ආදර කතාවකි. හේමාල් රණසිංහ, බිමල් ජයකොඩි මේ වන විට චිත්‍රපටය සඳහා තේරා ගෙන සිටියි.

ප්‍රියන්ත කොළඹගේ ගේ කතා සංකල්පය ඔහු සමඟ රුවනි චාමිකා තිර රචනා කොට ඇත. උදාර සමරවීර සංගීතය අධ්‍යක්ෂණය කරයි. කසුන් කල්හාර, අමල් පෙරේරා, උරේෂා රවිහාරි, චිත්‍රාල් සෝමපාල (චිටී) ගායනයෙන් දායක වෙයි.

ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂවරයාය. නලීන් ප්‍රේමතිලකගේ අංග රචනයකි. මංජුල අයගම කලා අධ්‍යක්ෂවරයාය. පුෂ්පකුමාර රාජගුරු කැමරාව මෙහෙයවනු ලබයි. නිලාර් එන්. කාසිම්, උපුල් ශාන්ත සන්නස්ගල, ප්‍රියන්ත කොළඹගේ සහ චමින්ද ගමගේ ගීත රචකයෝය.

ආදරණීය කතාවක් චමින්ද ගමගේ සහ ප්‍රියන්ත කොළඹගේ නිෂ්පාදනය කරයි.