කාජල්ගේ නෝක්කාඩු
කාජල්ගේ නෝක්කාඩු

දෙදෙනාම ක්ෂේත්රයේ සුපිරි තරු වූ පසු සහෝදරකමක් ඇතත්, එසේ නැති ලෙස හැසිරීමට බොහෝ
දෙනෙක් පෙලඹෙති. රාණි මුඛර්ජි, කාජල්ගේ ඥාති සොයුරියක වුවත් දෙදෙනා අතර එතරම් සුහද
ඇසුරක් පවතින්නේ නැත. ඒ වාගේම කාජල්ගේ එකම නැගණිය තනීෂා නොගැළපෙනවායි කියා සිතෙන
විවාහයකට පැටලෙන්නට යාම නිසා කාජල් ඇය සමඟ ද සිටින්නේ නොමනාපයෙනි. එහෙත් වැඩි ඇයි
හොඳයිකම් නැතත් ඉතාමත් නුදුරු අනාගතයේදී කාජල්ගේ අසල්වැසියන් වීමට යන්නේ ඔවුන්ය.
ළඟදීම රාණි, යාෂ් චොප්රා පවුලේ සාමාජිකාවක වන අතර (ආදිත්‍ය චොප්රා සමඟ විවාහ වී)
යාෂ් චොප්රාගේ නිවෙස ඇත්තේ අජේ දේව්ගන්ගේ නිවෙස අසලය. තනීෂා අර්මන් හා විවාහ වී
පැමිණෙන්නේ ද රාණිගේ සහ කාජල්ගේ නිවෙස ආසන්නයටමය.
කොෆී විත් කරන් වැඩ සටහනේදී කාජල්, රාණිගේ විවාහය සිදුවන කාල වකවානුව ගැන පුන පුනා
අසා තිබේ. තනීෂාගේ විවාහයට තදබල ලෙස විරුද්ධ වූ කාජල්, රාණිගේ විවාහයට කැමැත්තක්
දක්වනවා ද කියා නම් සැකය.
චම්පිකා දීපානි රණසිංහ
|