|
කැප්ටන් අමෙරිකාකැප්ටන් අමෙරිකා ලෙස හැඳීන්වෙන ස්ටීව් රොජර්ස් වොෂින්ටන් හි නිදහස් ජීවිතයක් ගත කරමින් නවීන ලෝකයට අනුගත වීමට උත්සාහ කරයි. නමුත් ඔහුගේ ෆීල්ඩ් කණ්ඩායමේ සාමාජිකයකු ප්‍රහාරයට ලක් වූ අවස්ථාවේ සිට ස්ටීව් ලෝකය අනතුරේ හෙළන විවිධ අරගල වලට පැටලෙයි. බ්ලැක් විඩෝ සමඟ සන්ධාන වෙමින් ස්ටීව් තමන් ඝාතනය කිරීම පිණිස එවන ලද ඝාතකයන් සමඟ සටන් කරමින් තව තවත් ඉදිරියට ඇදෙන කුමන්ත්‍රණයකට මුහුණදීමට උත්සාහ කරයි. එහෙත් මෙම දරුණු කුමන්ත්‍රණයේ සියලුම කරුණු අනාවරණය වීමත් සමගින් කැප්ටන් අමෙරිකා හා බ්ලැක් නව සහායකයකු වන ෆැලන් සමග එකතු වෙයි. නමුත් ඔවුන් සියලු දෙනාටම බලාපොරොත්තු නොවූ බලවත් සතුරෙකු වන වින්ටන් සෝල්ජර් හට මුහුණදීමට සිදු වෙයි. මෙලෙසින් දිග හැරෙන්නේ සුපිරිවීර කතාවක් රැගත් Captain America : The Winter Soldier චිත්‍රපටය යි. වෝල්ට් ඩිස්නි සමාගමේ බෙදාහැරීමක් ලෙස ලොව පුරා ප්‍රදර්ශනය වන මෙම චිත්‍රපටය ඇන්තනි රූසෝ සහ ජෝ රූසෝගේ අධ්‍යක්ෂණයකි.Captain America : The First Avengerචිත්‍රපටයේ මීළඟ චිත්‍රපටය ලෙස රිදී තිරයට පැමිණි Captain America : The Winter Soldier ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළේ පසුගිය මාර්තු 26 වැනිදා සිටයි. ඊයේ (16) සිට වැල්ලවත්ත සැවෝයි 3D සිනමාහලේදී ලාංකේය සිනමා රසවතුන් වෙනුවෙන් ද තිරගත වීම ආරම්භ කෙරිණි. ක්‍රිස් එවන්ස්, ඇන්තනි මැකී, කෝබී ස්මල්ඩර්ස්, එම්ලි වැන්කැප් සහ සෙබස්ටියන් ස්ටැන් මෙහි ප්‍රධාන චරිත වෙනුවෙන් පණ පොවති.
|