FeedBack
හොරේෂස් සමරමු
සරසවියට ආලෝකයක් වූ සිනමා නළු නිළියන්ව ඔසවා තැබූ සුනිල් හොරේෂස් නම් සොඳුරු
මාධ්‍යවේදියා හදිසි අනතුරකින් 2005 අප්‍රේල් 20 දින අප සැම හැරදා ගියේය. මෙම වසරේ
අප්‍රේල් 20 ට යෙදෙන ඔහුගේ නව වන ගුණ අනුස්මරණයේදී අපි එතුªමාණන්ව මෙසේ
කෘතඥපූර්වකව භක්ති ආදරයෙන් සමරමු.
රෝෂිණි ඩිල්රුක්ෂි ගෝමස්
කටුබැද්ද
මොරටුව
බලි අතර ටෙලියක්
වර්තමානයේ නිර්මාණය කෙරෙන ටෙලි නාට්‍යයන් දෙස බලන කළ සත්‍ය වශයෙන්ම මට දැනුනු
විදිහට ඒවා ටෙලි නොව බලිය. ඒ අතරින් ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සතියේ දින පහේම
රාත්‍රී 8.30 ට විකාශය වන පුංචි වලව්ව ඉඩෝරයට මහ වැස්සකි.
ලූෂන්, කුමාරි සහ
දුලීකාගේ කරට කර රංගනය අති විශිෂ්ටය. කතා තේමාව, අඩු දෙබස් තිබීම මෙන්ම අංග රචනය ද
ඉතා අගය කළ යුතුය. මෙවැනි නිර්මාණයක් රසික ප්‍රේක්ෂක අපට දායාද කළ අධ්යක්ෂ ඉරේෂ්
ලොකු බණ්ඩාර ඇතුළු සියලු පිරිවරට අපගේ ප්‍රණාමය.
ලක්ෂ්මන් රණසිංහ
හේකිත්ත
වත්තල
මැදගෙදර සසඳරා
නිලක්ෂි අමන්දා මැදගෙදර ටෙලි නාට්‍යයේ සසඳරාගේ චරිතයට කරන සාධාරණය ගැන මම ඉතා අගය
කරමි.
බී. පී. ගම්මුදලි
කඩුගන්නාව
මාලිගාතැන්න
ඇස් පෙනෙන අපට
දුක හිතුණා
පසුගිය දවසක සවස එක්තරා නාලිකාවක විකාශය වූ සංගීතමය වැඩ සටහනකට දෑස නොපෙනෙන දක්ෂ
ගායිකාවක් ගෙන්වා තිබුණා ආරාධිත ශිල්පිණියක ලෙස. එහෙත් එය මෙහෙය වූ නිවේදිකාව ඇයත්
සමඟ කතා කිරීම පසෙකලා, මුහුණට ගාන ක්‍රීම් එකක් පිළිබඳම කතා කරනු මට පෙනුණා. අර
ගායිකාව අන්ත අසරණ වුණා. අපූරුවට ඇස් පෙනෙන අපට ගායිකාව දැකලා දුක හිතුණා.
නිශා
ජාඇල
කාටවත් කියන්න එපා
ඔබගේ විවාහය ළඟදීම සිදුවීමට ඇති බව දැනගන්නට ලැබුණා. එය අපට සතුටට කරුණක්. එහෙත්
දුලීකා පෝරුවට නගින තුරු ඔහු කවුදැයි හෙළි කරන්නට එපා. දන්නවනෙ අපේ ඇතැම් නිළියන්ගේ
කෙරුවාවල්වල හැටි.
චන්ද්‍රසිරි මානවඩු
අම්බලන්ගොඩ
කෝරළේ 2 යළි ඕනෑ
කෝරළේ මහත්තයා II ටෙලි නාට්‍ය යළිත් වරක් දකින්නට ආසයි.
සුනිල් බී. වේහැල්ල
අම්පාර ලක්මාල්
සමන් ගාල්ලගේ
ගෝනපොල
දුකයි තමා
අද ප්‍රසංග වේදිකාවල වැඩිපුරම ගීත ගායනා කරනවා දකින්න ලැබෙන්නේ රියැලිටි වැඩ
සටහන්වලින් බිහි වූ සුපර් ස්ටාර්ලා. එදා වගේ තමන්ගේම ගීත ගයන ගායක ගායිකාවන්
බිහිවෙනවා අඩු බවක් මට පෙනෙනවා. ඒ ගැන කනගාටුයි.
අතුල රම්‍යසිරි
පානදුර
රෝහණ සිරිවර්ධන
ගායන ශිල්පියාණෙනි,
ළයාන්විත හඬකින් ප්‍රේමාන්විත ගී ගැයූ රෝහණ අයියේ, ඔබ තුළ තිබෙන ඒ තාරුණ්‍යයේ හඬ
තවමත් අපව අතීතයට ගෙනි යනවා. 70, 80 දශකවල කලා ලොවේ අංශ කිහිපයකින්ම රසික අප අතරට ආ
ඔබ දැන් තරමක් දුරට නිහඬ වෙලා. ඔබේ අත ගෙන, මටත් හොරෙන්, දේව මන්දිරේ වැනි රසබර ගීත
තවමත් අප හදවත්වල රැව් පිළිරැව් දෙනවා. හඬ කැවීම් තුළින් ද ඔබ අප අතරට පැමිණියා.
පෙම්වතාගේ චරිතයට ඔබගේ හඬ අදටත් අපූරුවට ගැළපෙනවා කියලා මට හිතෙනවා.
නීලා ඉෂානි වීරපුර
මීගමුව
සිරි දළදාගමනය
මනරම්
කාලීන අවශ්‍යතාවයක් මෙන්ම අපේ බෞද්ධයින්ට ඉතා වැදගත් සන්ධිස්ථානයක් පිළිබිඹු කරමින්
නිපද වූ සිරි දළදාගමනය චිත්‍රපට ඉතා මනහර සිනමා සිතුවමක් ලෙස මම දකිමි. එහි රඟපෑම්
මෙන්ම පසුතල නිර්මාණ ද ඉතා අගනේය. එහෙත් එම සිනමා සිතුවමට පාදක වූ ඇඳුම් පැළඳුම්
උකහා ගෙන ඇත්තේ කැලණි විහාරයේ සිතුවම් තුළින් බව මනාව වැටහේ. නමුත් ඒ සිතුවම්
නිර්මාණය කළ මහවැව සෝලියස් මෙන්ඩිස් ශ්‍රීමතාණන් ගැන චිත්‍රපටයේ ප්‍රචාරය තුළින්
සුළු වශයෙන් හෝ සඳහන් නොකිරීම ගැන බලවත් කණගාටුව ප්‍රකාශ කරමු.
රාජිනී ගුණවර්ධන
මහවැව
සායම් කිරිල්ලිට ආසයි
තීක්ෂණ අනුරාධ ගයන සායම් කිරිල්ලි සිංදුවට මං හරිම ආසයි.
නන්දා ලියනගේ
අක්ෂි රාජපක්ෂ
මහවැව
මුතු පළසේ සම්පත්
මුතුපළස සම්පත් ජයවීර ඉතාම තාත්ත්වික ලෙස රංගනයේ යෙදෙනවා මා දුටුවා. ඔහුට
ගැළපෙන්නේම එවන් වූ චරිත තමයි.
නන්දා ලියනගේ
මහවැව
S.M.S.
එදත් අදත් හෙටත් අපගේ ආදරණීය ගායකයා එච්. ආර් ජෝතිපාලයි. ඔහුගේ ගීත ගයමින් වැජඹෙන
තරු ඉතා ඉක්මනින් කඩා වැටෙන්නේ ජෝතිට නියම තැන නොදෙන නිසයි.
නිලූ
අවිස්සාවේල්ල
අතුල ශ්‍රී ගමගේ ගයපු ‘පෙම් ලොව දුක් ගිනි’ ගීතය රී මේක් කොට ඔහු විසින්ම ගයා
මාධ්‍යයන්ට නිකුත් කර තිබුණා. මං ඒක ඇහැව්වා. ඇත්තටම විකාර නොකර සෞම්‍ය අන්දමින් එය
ගයා තිබීම ගැන ස්තුතිය.
ගයා ශාන්
උස්වැටකෙයියාව
සුනිල් පෙරේරා කෙළින් කතා කරන ගායකයකි. ඔහු තම ගීතවලින්ම ඒ අදහස් සෘජුව ප්‍රකාශ
කිරීම ද ඔහුගේ අභීත බව පෙන්වයි. කණ්ඩායම් සංගීතයේ ද වෙනසක් කළ සුනිල්ගේ නව ගීත
ඇල්බමයක් බලාපොරොත්තු වෙමු.
ඔබේ හිතාදර රසික
නිහාල්
මාතර
මේ දවස්වල නිතරම ඇහෙන සිංදුවක් තමයි කට්ට කාලා දාගත්ත කෙල්ල යාළු. එය ගයන්නේ කවුද
කියලා මම දන්නේ නැහැ. නමුත් ඒක හරිම ලස්සන ගීතයක්. මම හිතන පරිදි ඒකාකාරී ප්‍රේම
ගීතවලින් මිදුණු ගීයක් නිසයි එය ජනප්‍රිය වුණේ.
රසාරා
හඟුරන්කෙත
ගුණදාස කපුගේ අප අතරින් වියෝ වී වසර දහයක් ඉක්මවා ඇත. එනමුදු ඔහුගේ හැගුම්බර ගීත
මීබිඳු වැනිය. සංගීතඥයකු ලෙස ද ඔහු කළ සේවාව ඉමහත්ය. කපුගේ නැවත මෙරටට පහළ වේවා
යැයි මම පතමි.
ආනන්ද වික්‍රමආරච්චි
ඉහළ තල්දූව
අහංකාර නගරේ, මධුමතියේ වැනි ජනප්‍රිය ගීත ගැයූ රනිඳු කෝ. කාලෙකින් ඔහුව දුටුවේ
නැහැ. ඉරාජ් එක්ක රනිඳු තරහා වෙලාද? ඉස්සර ඒ දෙන්නනේ මියුසික් කළේ.
කසුන්
මීගමුව
රණා ටෙලි නාට්‍යයේ රණා ලෙස ජගත් චමිල කරන රංගනය කදිමයි. ඔහු විසින් නාට්‍යය පණ
ගන්වනවා වැනිය. රණාහි කතාව තවත් ප්‍රබල වුණා නම් හොඳ බව මට හැඟේ.
දයාරත්න
කොට්ටාව
රසික හදවත් දිනූ ඉෂාරා සඳමිණි රන්තරු ටෙලි නාට්‍යයෙන් අනතුරුව එවැනිම ටෙලි
සිතුවමකින් අප වෙත එතැයි මම සිතමි. ඇත්තටම ඇය පුංචි තිරයට සඳක් වැනිය.
අනෝජා
මහර
අතුල - සමිතා ප්‍රසංග වේදිකාවේ හෝ දැකීම සතුටක්. ඔවුන් පෙර සේම අපව පිනවූවා. සැබෑ
ජීවිතයේදී කෙසේ වෙතත් කලා ජීවිතයේදී එකට ඉන්න.
සනාරා
කඩුවෙල
හෙළ නිළි රැජන මාලිනිය තවත් තව තවත් සම්මානයට පාත්‍ර වේවා. එය මගේ පැතුමයි. ඇය තරම්
ප්‍රතිභාපූර්ණ නිළියක් ආයේ නම් බිහි වන්නේ නැහැ.
හසිත
මාකඳුර
සුපෙම් සුවඳක් ගී ලොව පැතිරූ රොෂාන් ප්‍රනාන්දු මීට කලකට ඉහත දී රඟපෑවා. නමුත් ඔහු
දැන් රංගනයෙන් ඉවත් වෙලා. මගේ මතයට අනුව රොෂාන් – ආශා නාට්‍යයක පෙම්වතන් ලෙස රඟපෑවා
නම් එය සාර්ථක නිර්මාණයක් වේවි.
කනිෂ්ක සිල්වා
ගල්කිස්ස
ඇන්ටන් ජූඩ්, සතිෂ් පෙරේරා අප අතර නැතත් ඔවුන්ගේ ගී ඇහෙද්දී ඒ අය ජීවත්ව සිටිනවා
යැයි මට හැඟේ. ජූඩ්, සතිෂ් අපට අහිමි වූයේ අත්‍යවශ්‍යම යුගයකය.
මියුරි
අවිස්සාවේල්ල
මාතලන් චිත්‍රපටය ඩී. වී. ඩී. ගත කරන්නේ නම් අගෙයි. එසේ නැත්නම් තිස්ස නාගොඩවිතාන
මහත්තයෝ ඒක චිත්‍රපට සංස්ථාවේ තිරගත කරන්න. මේක මගේ ආදරණිය ඉල්ලීමක්.
මර්සලීන්
මාතර
වෙරළ පාර
භාචි සූසාන් නව පරපුරේ ගායකයන් අතර ඉදිරියෙන්ම සිටින්නෙකි. ඔහු වඩාත් ඉහළ ස්වරයෙන්
ගී ගැයීමට සමතෙකි. සිනමා නිර්මාණයකට භාචිගේ හඬ යොදා ගන්නවා නම් හොඳයි.
ප්‍රසංග
අලුත්වීදිය
සිරි දළදාගමනය සිනමා නිර්මාණයේ ඉෂාක් බෙග්ගේ හඬ ඇහෙද්දී ඇඟ කිළිපොලා යනවා. මොහිදීන්
බෙග් මාස්ටර්ව මට මතක් වුණා.
සපුමල් සේනරත්න
කළුතර
අපේ මහා සිනමාවේදියා, ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මැතිතුමාගේ අනූ පස් වැනි ජන්ම
දිනය වෙනුවෙන් සුබපැතුම් මෙසේ එක් කරමි. ඔබතුමා අපේ ආයුෂත් අරගෙන ජීවත්වේවා.
අනුලා
පිළියන්දල
රන්තරු නැවත විකාශයක් ලෙස ආපසු ඕනෑ.
සඳමාලි
අඹන්පොළ
දක්ෂ සටන් නළුවකු වන ටෙඩී විද්යාලංකාරව දිනෙක මට බොරැල්ලේදී හමු වුණා. ඔහු
නිහතමානීව මාත් එක්ක කතා කළා. ඇත්තටම තිරයේදී දුෂ්ඨ නළුවෝ සැබෑ ජීවිතයේ හරිම හොඳයි
කියලා මං එදා දැනගත්තා.
නිව්ටන්
දෙමටගොඩ
වික්ටර් රත්නාකයන්ගේ ගීත අහන්න අහන්න ආසයි.
සුරංගා
පින්නදූව
ප්‍රතිචාර සැකසුම –
ප්‍රසාද් සමරතුංග එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්දට සුබපැතුම් එක් කරන ගමන් අදත් ගොඩ වදින්නට
ආරාධනය ඔබ ආදරය කරන මේ සොඳුරු ප්‍රතිචාර පිටුවටයි. ඔබ එවූ අනගි ප්‍රතිචාර
අදහස්වලින් තෝරා ගත් එකතුවක් මෙහි පළවනු ඇත. ඔබ සිතට නැෙඟන අපූරු සිතුවිලි
0752805047
යන අංකයට ක්ෂණිකව එවිය හැකිය.
ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10
මේ ලිපිනය ඔබේ
තැපැල්පත් හෝ සටහන් පත් වෙනුවෙන්ය.
|