වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




බන්දුල ගලගෙදරගෙන් ස්තුතිය

බන්දුල ගලගෙදරගෙන් ස්තුතිය

ජනප්‍රිය නළු බන්දුල ගලගෙදරගේ උපන් දිනය යෙදී තිබුණේ පසුගිය සතියේ. අප සරසවිය පුවත්පතේ ඔහුගේ උපන් දිනය සමඟ දුරකතන අංකය ද පළ කර තිබුණා.

ඔහුට එදින ආපු දුරකථන ඇමතුම් ප්‍රමාණය නිමක් නැතිලු. කාලෙකට පස්සේ රසික රසිකාවන්ගෙන් ලද මේ ප්‍රතිචාර නිසා බන්දුල ඉන්නේ හරිම සතුටින්.

ඔහුට කතා කරපු අය ගෙන් වැඩි දෙනෙක් සිකුරුලියා සිනමාපටය නරඹපු අය. ඔවුන් සෑහෙන්න වෙලාවක් ඒ රංගනය ගැනම කතා කළාලු. ආයෙත් රඟපාන්න ආරාධනා කරන්නත් අමතක කරලා නැහැ. බන්දුල ඒ කතා කරපු හැමෝටම ‘සරසවිය’ හරහා තුති පිදුවා.