වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




රැකියාවේ වෙනසක්

රැකියාවේ වෙනසක්

ගායිකා, රංගන ශිල්පිනී කුමාරි මුණසිංහ

මේ සතියේ දී මගේ ජීවිතයේ ලොකු වෙනසක් සිදු වෙන්නට නියමිතව තියෙනවා. මේ දක්වා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කළ රැකියාවෙන් විශ්‍රාම කාලයට පෙර ඉවත් වෙන්න තීරණය කළා.

කෙතරම් කාර්යබහුල වුණත් මම රැකියාවට බොහෝ සෙයින් ආදරය කළ කෙනෙක්. ඒ වුණත් අද එයින් ඉවත් වන්නට හේතු යෙදිලා තියෙනවා. මේ වන විට මම සීගිරියේ දෙළුම් වගාවක් පටන් ගත්තා. මේ දවස්වල වැස්ස නැති නිසා ටිකක් දුකෙන් ඉන්නේ.