වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




බදිරිවතී මම

බදිරිවතී මම

රංගන ශිල්පිනී මේනකා මධුවන්ති

මම මේ දවස්වල මගේ ජීවිතයේ සුවිශේෂ කටයුත්තක් සමඟින් කාර්යබහුල වෙලා ඉන්නේ. ඉදිරි මාසය ඇතුළත මම මගේම ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරන්න සූදානම් වෙනවා.

ඒ නිසාම මේ දිනවල රංගන කටයුතුවලට නම් දායක වුණේ නැහැ. ව්‍යාපාරය ආරම්භ කළ පසු සුපුරුදු පරිදි රංගන කටයුතු සඳහා දායක වෙන්න සූදානමින් ඉන්නෙ.

මම රංගනයෙන් දායක වුණු ‘මහරජ අජාසත්’ චිත්‍රපටයත් ඉදිරියේදි තිරගත වේවි. එහි බදිරිවතී නමින් කළ ශුද්‍ර තරුණියගේ චරිතය මගේ රංගන දිවියේ සුවිශේෂ චරිතයක්.