වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




තාත්තා ගේ ආදරණීය ඉල්ලීමක්

තාත්තා ගේ ආදරණීය ඉල්ලීමක්

මේ දවස්වල සමහර අය අතරේ එක්තරා විදියක එස්. එම්. එස්. එකක් හුවමාරු වෙනවා. විශේෂ පණිවුඩයක් රැගත් මේ එස්. එම්. එස්. එන්නේ හැම සෙනසුරාදාවකම හවස. ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරෙන ‘භවාන්තරණ’ ටෙලි නාට්‍යය නරඹන්න කියලා තමයි මේ එස්. එම්. එස්. එක යැවෙන්නේ.

ප්‍රවීණ කලා ශිල්පී ධර්මසිරි බණ්ඩාරනායක විසින් මේ කෙටි දුරකථන පණිවුඩය යැවෙන්නෙ. ධර්මසිරි බණ්ඩාරනායක ගේ ආදරණීය පුත්‍රයා වන රංග බණ්ඩාරනායක තමයි ‘භවාන්තරණ’ ටෙලි නාට්‍යය අධ්‍යක්‍ෂණය කරන්නෙ. කාගේත් ප්‍රතිචාර මධ්‍යයේ විකාශය වන මේ ටෙලි නාට්‍යය නරඹන්න කියලා ධර්මසිරි බණ්ඩාරනායකයන් ආදරණීය ඉල්ලීමක් කරන්නේ තම පුත්‍රයා වෙනුවෙන්.