වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




අජාසත්ත රූ ගන්වන්න යද්දී රිය අනතුරක් චන්දන වික්‍රමසිංහගේ සාමාජිකයනුත් රථයේ

අජාසත්ත රූ ගන්වන්න යද්දී රිය අනතුරක් චන්දන වික්‍රමසිංහගේ සාමාජිකයනුත් රථයේ

සනත් අබේසේකර අධ්‍යක්ෂණයෙන් සහ සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනයෙන් නිර්මාණය කෙරෙන මහ රජ අජාසත් චිත්‍රපටයේ මහනුවර ප්‍රදේශයේ රූගැන්වීමක් සඳහා යන අතරතුරදී එහි පිරිසක් ගමන් ගත් වාහනය අනතුරකට ලක්ව ඇත.

එම අවස්ථාවේදී නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහගේ නර්තන කණ්ඩායමේ නැටුම් ශිල්පීන් හය දෙනෙකු එම වාහනයේ ගමන් ගෙන ඇති අතර අනතුරින් තුවාල ලද එක් අයෙක් මහනුවර රෝහලට සහ තවත් අයෙක් කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත. වාහනයේ රියදුරා බරපතල තුවාල සහිතව මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. සරසවිය පුවත්පත මුද්‍රණයට යන විටදීත් ඔහුගේ තත්ත්වය ඉතාමත් බරපතල බව වාර්තා විය.