වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




අභිෂේකා අලුත් ගෙදරක

අභිෂේකා අලුත් ගෙදරක

ගායන ශිල්පිනී අභිෂේකා විමලවීර

යොවුන් ගායන ශිල්පිනී අභිෂේකා විමලවීර මේ දවස්වල ඉන්නේ හරිම සතුටෙන් කියලා අපට ආරංචි වුණා. ඒ අභිෂේකා, සැමියා සහ සිඟිති දියණිය අලුත් දෙමහල් නිවෙසකට ගෙවැදීමත් සමඟයි. සිඟිති දියණියගේ වැඩකටයුතු වගේම දැන් අලුත් නිවහන හැඩ වැඩ කරන්නෙත් අභිෂේකා හරිම සතුටින්.

මේ දවස්වල විකාශය වන ‘සිත්තරාවි’ ටෙලි නාට්‍යයේ තේමා ගීතය වගේම මුතු තිසේරාගේ ‘හිරුටත් සඳුටත් ආදරෙන්’ ටෙලි නාට්‍යයේ තේමා ගීතය ගායනා කරන්නෙත් අභිෂේකා. ඒ වගේම මොහාන් නියාස් අධ්‍යක්‍ෂණය කරන නවතම ටෙලි නිර්මාණයේ තේමා ගීතය ගැයෙන්නෙත් ඇයගේ හඬින්.